රුසියාව සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව, යළිත් වරක් ධාන්‍ය අපනයනට කිරීමට යුක්රේනය සූදානම් වෙයි.
යුක්රේනයේ ඔඩසා පළාතේ කළු මුහුදට සම්බන්ධ චෙර්නෝමෝස්ක් වරායේ නැව්වලට ධාන්‍ය පැටවීම ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නිරීක්ෂණයට ලක් විය. ජනාධිපති සෙලෙන්ස්කී, චෙර්නෝමෝස්ක් වරායට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුක්රේන යනු ලොව ප්‍රධාන පෙළේ තිරිගු, බාර්ලි සහ සූර්යකාන්ත තෙල් අපනයනකරුවාය. රුසියන් ආක්‍රමණයත් සමඟ යුක්රේනයට ධාන්‍ය අපනයනට ගැටලුවක් විය. ඒ, රුසියන් නාවිකන හමුදාව කළු මුහුදේ සිය ආධිපත්‍ය පතුරුවා ගැනීම නිසාය.
ධාන්‍ය අපනයනට ඇණහිටීමත් සමඟ ගෝලීය ආහාර අර්බුදයක් නිර්මාණය විය. දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයක් එයින් පීඩාවට පත් විය.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මැදිහත් වී, යුක්රේන රජය සහ රුසියන් රජය අතරේ ධාන්‍ය අපනයන සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබුණි. ඒ අනුව, යුක්රේන නැව්වලට ධාන්‍ය අපනයන කටයුතු සඳහා රුසියාවෙන් ඉඩ ලැබේ.
පළමුවෙන් ධාන්‍ය පැටවීම සිදුවූයේ තුර්කි නැව්වලට බව ද පැවැසෙයි. රුසියන් ආක්‍රමණය ආරම්භ වෙද්දී, ධාන්‍ය පැටවූ යුක්රේන නැව් රැසක් යුක්රේන වරායවල සිරවී ඇති බවත් ඒවා කඩිනමින් නැව්ගත වනු ඇති බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කළේය.
සෙලෙන්ස්කී, චෙර්නෝමෝස්ක් වරායට පැමිණියේ තුර්කි නියෝජිතයන් පිරිසක් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් ද පිරිවරාගෙනය.
(ඒ.එෆ්.පී.)
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ධාන්‍ය අපනයනයට යුක්රේනය යළි සූදානම්