IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දොස්තරගේ හලෝව අම්මාගේ බඩ ඇතුලේ

ජෝර්දානයේ අම්මාන් නගරයේ පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කකට ලක්වූ 36 හැවිරිදි හුනාම් මොහොමඩ් අබ්දුල් කරීම් නම් කාන්තාවගේ උදර කුහරයේ සැත්කම කළ වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය තිබී හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 24 වැනි දින සැත්කම සිදුකැර ඇත.

කිලෝ ග්‍රෑම් 4.8ක් බරැති දරුවකු ඇය බිහිකළාය. සැත්කමෙන් පසු පූර්ණ සුවය ලැබූ ඇය සාමාන්‍ය පරිදි දරුවාද සමග රෝහලෙන් බැහැරව ගියාය. ඉන් දින කිහිපයකට පසු යට බඩේ ඇතිවූ තද වේදනාවක් හේතුවෙන් ඇය යළි රෝහල්ගත වූවාය. බඩේ ඇති වේදනාව සොයාගැනීමට කරණ ලද ස්කෑන් පරීක්ෂණයකින් ඇගේ උදර කුහරයේ ආගන්තුක යමක් ඇති බව සොයා ගැණිනි.

පසුව නැවත සැත්කමකින් උදරය විවෘත කළ විට පෙනී ගියේ උදරයේ ජංගම දුරකථනයක් තිබෙන බවයි. එය ඉවත් කැරිණි. ජෝර්දාන පාර්ලිමේන්තුවේ දී පවා විවාදයට ලක්වූ මේ කරුණේ දී රජය ඉල්ලා අස්විය යුතුයැයි ද විපක්ෂය පවසයි. ජෝර්දාන සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මේ චෝදනාව අසත්‍ය බවයි. අභූත කතාවක් වූ ඒ ගැන වැඩිදුර සොයා බලන බව ද එරට සෞඛ්‍ය අංශ විදෙස් මාධ්‍යයට පවසා තිබිණි.

මෙය අතපසුවීමකින් සිදුවූවන්නට ඇතැයි රෝහල් ආරංචි පවසයි.



අදහස් (0)

දොස්තරගේ හලෝව අම්මාගේ බඩ ඇතුලේ

දුමින්ද Thursday, 14 May 2015 08:20 AM

ඊළඟ බබාට සන්නිවේදන පහසුකම් දෙන්න කල ක්‍රියාවක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site