IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දූෂණ මඬින්න පියවර නොගත්තොත් විරෝධතා පවත්වා ආණ්ඩුව පෙරළනවා

දූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජය වහා පියවර නොගන්නේ නම් රටපුරා විරෝධතා රැලි සංවිධානය කර රජය පෙරළන්න තමන් සූදානම් යැයි නවදිල්ලි අගනුවර උපවාසයක යෙදෙන ගාන්ධි අනුගාමික අන්නා හසාරේ පවසයි. දූෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජයට බල කරමින් හසාරේ සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඉකුත් 29 වැනිදාය. මේ වනවිට 3,000 කට වැඩි පිරිසක් ඔහුට සහාය දක්වමින් ඔහු අසල රැුඳී සිටිති. ඒ අතර විපක්ෂ මන්තී‍්‍රවරු ද සිටිති. රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි ද හසාරේ චෝදනා කරයි. හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදී ද උපවාස කරමින් අගමැති  සිං ප‍්‍රමුඛ රජයට බල කළේ රජයේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය. ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ අගමැති සිං මැදිහත්වී දූෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි. ‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් මේ වන තෙක්ම ඊට උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැත. දූෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් එම පනත් කෙටුම්පතට අනුව නියමිතව තිබේ. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ. කිසියම් හෝ අකටයුත්තක්, දූෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ. පසුගිය වසරේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය. පනත කෙටුම්පත කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීහු ද රජයට චෝදනා කළහ. පනත කෙටුම්පත් කිරීමට සහාය දුන්නද හසාරේ චෝදනා කරන්නේ තමන්ගේ අනුදැනුමකින් තොරව එය ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය. අන්නා හසාරේට සහාය පළකරමින් ඉන්දීය රජයට එරෙහිව විරෝධතා දක්වන පිරිසක්අන්නා හසාරේ



අදහස් (0)

දූෂණ මඬින්න පියවර නොගත්තොත් විරෝධතා පවත්වා ආණ්ඩුව පෙරළනවා

සරා Friday, 03 August 2012 01:56 PM

මේ වගේ එකක් ලංකාවේ තිබුණා නම් බලන්න ඕනෑ, කඳුළු ගෑස් ගහලා අවම බලය යොදලා විසුරුවා දමන හැටි. (නි)

:       0       0

ජගත් Wednesday, 01 August 2012 12:57 PM

අපිටත් මෙහෙම කෙනෙක් හිටියනම්.......... (නි)

:       0       0

සංජීව Thursday, 02 August 2012 09:03 AM

අපිට ඇත්තෙන්ම මෙවන් පුද්ගලයින් අවශ්‍යයි. (නි)

:       0       0

මුතු Thursday, 02 August 2012 04:28 PM

ලංකාවටත් මෙවන් කෙනෙකුගේ අඩුව තදින්ම දැනෙනවා. (නි)

:       0       0

ඩැනියෙල් Thursday, 02 August 2012 09:47 AM

අපේ අය හරිම පින්කාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site