‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසර දෙකකට වඩා වැඩි කාලයක් විදේශීය සංචාරයන්ට වසා දැමුණු නවසීලන්තය යළි සිය දේශසීමා විවෘත කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව, පළමුවෙන් ලබන අප්‍රේල් 13 වැනිදා සිට ඕස්ටේ්‍රලියානුවන්ට දොර ඇරීමට නවසීලන්ත රජය තීරණය කර ඇත. ඒ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් කිසිදු නිරෝධායනයකින් තොරවය.
ඉන්පසු මැයි දෙවැනි දා සිට රටවල් 60 ක පූර්ණ එන්නත්කරණයට ලක් වුණු විදේශිකයන්ට නවසීලන්තයට පැමිණීමට අවස්ථාව උදා වනු ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය ද එම රටවල් අතරට අයත් වෙයි.
පැමිණෙන සියලු සංචාරකයන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බව තහවුරු කිරීමේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.
නවසීලන්තය විදේශිකයන්ට ඔවුන්ගේ දේශසීමා වසා දැමීම කළේ පසුගිය 2020 මාර්තු මාසයේය.
ඉන්පසු සංචාරක බුබුළු ක්‍රමය යටතේ ඕස්ටේ්‍රලියානුවන්ට පමණක් නවසීලන්තයට පැමිණීමට විටින් විට අවසර ලැබුණි. ඊට අමතරව, මේ වනවතුරු කිසිම නවසීලන්ත වැසියකුට එරටින් පිටවී යෑමට ද අවසර හිමි වී නොමැති බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශසීමා විවෘත කරන්න සූදානම්