වයඹ දිග පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැලියකට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ජමියාත් උලෙමා ඊ ඉස්ලාම් නමැති අන්තවාදී අදහස් ඇති දේශබාලන පක්ෂයේ රැලියකටය.
බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පක්ෂ සාමාජිකයන් 400 දෙනකු සහ පක්ෂ ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් රැලිය පැවැත්වෙමින් තිබුණි. රැලිය පැවැත්වෙමින් තිබුණේ කාර් නගරයේය.
කාර් නගරය පිහිටා ඇත්තේ පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවට නුදුරින් පිහිටි කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ බජෝර් දිස්ත්‍රික්කයේය.
ආරක්ෂක අංශ සැක කරන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇති බවය. ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙයි. මොවුන් පාකිස්තානයට පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් පාලනයට ද තර්ජනයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්