IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශපාලන කුළල් කෑමෙන් අවුල්වන නේපාලය

නේපාලයට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා තෝරාපත් කර ගන්නා ලද ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයට එම කාර්යය ඉටු කිරීමට නොහැකිව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් ගත වුවද ඉදිරි වැඩපිළිවෙළ ගැන එරට දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට තවම හැකිවූයේ නැත. 2008 දී තෝරාපත් කරගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසරක් ඇතුළත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කරගත යුතුව තිබුණත් වසර හතරක් ගතවන තෙක් ඒ ගැන එකඟතාවක් ඇතිකර ගැනීමට එරට දේශපාලන පක්ෂවලට නොහැකි විය. ඒ වසර හතරක කාලය තුළ ආණ්ඩු හතරක් බලයට පත් වීමෙන් නේපාලයේ පවතින දේශපාලනයේ ස්වභාවය තේරුම් ගත හැකිය. එකඟතාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය වරින්වර දීර්ඝ කළ ද එම එකඟතාව මිරිඟුවක් විය. අවසානයේ දී වසරක කාලයක් සඳහා නිශ්චිත කාර්යයකට තේරී පත්වූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය තවත් දීර්ඝ කිරීම නීති විරෝධී යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු දැන් රට පාලනය වන්නේ භාරකාර රජයක් මගිනි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ බබුරාම් භට්ටාරායි භාරකාර රජයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරන නමුත් ප‍්‍රධාන විපක්ෂ වන නේපාල කොංග‍්‍රසය හා මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂ එම තත්ත්වය පිළිගන්නේ නැත. නේපාල කොංග‍්‍රසයේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් නොමැතිව පවත්වන ඡන්ද විමසීමකට ඔවුන් සහභාගි නොවන බව ප‍්‍රකාශ කිරීමෙන් නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ වලංගුභාවය ගැන සැක උපදවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැනි බරපතළ කාර්යයක් ප‍්‍රධාන දේශපාලන පක්ෂයක සහභාගිත්වයෙන් තොරව සිදු කිරීමෙන් එහි සුජාතභාවය ගැන ප‍්‍රශ්නයක් මතු කරන හෙයිිනි. එමනිසා ඉදිරියේ පැවැත්වෙන ඡන්ද විමසීම වැදගත් වන්නේ ඊට ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහභාගි වන්නේ නම් පමණි. දැනට පවතින වතාවරණය අනුව එවැනි එකඟතාවක් ඇති කරගත හැකි ද යන්න ගැන බලාපොරොත්තු තැබිය නොහැක. වඩාත් බරපතළ වන්නේ ඉදිරි දින කීපය තුළ දී නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් වන නිසා ඒවාට පත්වීම් කරන්නේ කෙසේද යන්නයි. දැනට පවතින තත්ත්වය අනුව එම තනතුරු සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නම යෝජනා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා පත් කිරීම සිදු කරයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැර ඇති නිසා  එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආයනතයක් නැත. දෙවැනිව පසුගිය මැයි මාසයේ දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හරින විට ජනාධිපති රාම් බරාන් යාදෙව් අය-වැය ලේඛනයක් සම්මත කළේ මාස තුනකට පමණි. අගමැති භට්ටාරායි වසරක් සඳහා අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළ ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුමැතියක් නොමැති එය වසරක කාලයකට අනුමත කිරීම ජනාධිපතිරයා ප‍්‍රතික්ෂේප කළේය. එම නිසා මාස තුනක කාලයෙන් පසුව රජය වියදම් සඳහා අනුමැතිය ලබා ගන්නේ කෙසේද යන්න ගැටලූවකි. නාමමාත‍්‍ර විධායකයා වන ජනාධිපතිවරයා භාරකාර රජයේ අගමැතිවරයාගේ උපදෙස් පිළිගත යුතු යැයි අගමැති භට්ටාරායි අවධාරණය කළ ද ජනාධිපතිවරයා ඊට එකඟ වන්නේ ද යන්න සැක සහිතය. නේපාල කොංග‍්‍රසයේ යෝජනාවක් අනුව තනතුරට පත් රාම් බරාන් යාදෙව් තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ එම පක්ෂයේ අදහස්වලට ය. එවැනි තත්ත්වයක් යටතේ එක විසඳුමක් වන්නේ විසුරුවා හරින ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආපසු කැඳවීම වුවද ඒ සඳහා විපක්ෂයෙන් පැනවෙන කොන්දේසිවලට අගමැති භට්ටාරයි එකඟ වන්නේ ද යන්න පැහැදිලි නැත. මෙම දේශපාලන අවුල් වියවුල් මැද නේපාල සමාජයේ බෙදීම් වඩාත් තීව‍්‍ර වන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. වරක් ශක්තිමත් එකතුවක් වූ මාවෝවාදී  කොමියුනිස්ට් පක්ෂයේ කොටසක් මොහාන් වෛද් කිරාන් යටතේ කැඞී ගොසින් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ජන්ජාති සුළුතර කොටස් ඉන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇත. නේපාල කොංග‍්‍රසය ද  සුසිල් කොයිරාල. ෂර් බහදුර් සියුබා හා රාම් චන්ද්‍ර පවුන්ඩල් අතර බල අරගලයකට මැදිව තිබේ. වඩාත්ම තියුණු වන්නේ මදේසි හා ජන්ජාති ජන කොටස් සිය වාර්ගික අයිතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටීමයි. බලවත් සන්ධීය රාජ්‍යයක් නොවන විසඳුමකට ඔවුන්ගේ සහාය ලබාගැනීම අසීරුය. මාවෝ නායක ප‍්‍රචන්ඩ මෙම ජන කොටස් සමග එකතුව පිහිටුවා ගෙන ඇති සන්ධීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය, සන්ධීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින නමුත් නේපාල කොංග‍්‍රසය හා එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය ඊට සහයෝගය දෙන්නේ නැත. මේ අතර රාජාණ්ඩුවට පක්ෂපාති කොටස් රටේ පාලනය නැවතත් ගයනේන්ද්‍රට පවරා ඔහු රජ කළ යුතු යැයි ඉල්ලීම කරති. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ ඊළඟ ඡන්ද විමසීම පැවැත්විය යුත්තේ නව ව්‍යවස්ථා සම්පාදක සභාවක් සඳහා ද නැතිනම් පාර්ලිමේන්තුවක් සඳහා ද යන්න තවත් ගැටලූවකි. මෙවැනි පසුබිමක් තුළ ලොව දුප්පත්ම රටවලින් එකක් වශයෙන් හැඳින්වෙන නේපාලයේ දේශපාලන අනාගතය ගැන සාධනීය තීරණ ගැනීමට එරට දේශපාලන පක්ෂ කනගාටුදායක ලෙස අපොහොසත් වීම සැබවින්ම ඛේදවාචකයකි.

සටහන: මහින්ද හත්තක
ශිෂ්‍යයෝ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක කැරලි මර්දන පොලිසිය නේපාලයේ ජනාධිපති රාම් බරාන් නේපාල පාර්ලිමේන්තුව අගමැති බබුරාම් භට්ටාරායි



අදහස් (0)

දේශපාලන කුළල් කෑමෙන් අවුල්වන නේපාලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 708 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site