මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී දශක දෙකකට පසුව ඇමෙරිකා සංචාරයක් සඳහා ඊයේ(16) පිටත් වූ බව එරට රජය පවසයි. මේ වසර මුලදී මියන්මාරයේ පැවැති අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සූ කී ඇමෙරිකාවට පැමිණි පසු මියන්මාරයේ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපති බැරැක් ඔබාමා සමඟ සාකච්ඡුා කිරීමට නියමිතය. මේ අතර ඇමෙරිකා කොංග‍්‍රසය ඇයට සම්මාන කිහිපයක් පිරිනැමීමට ද සූදානමින් සිටී. සූ කී ඇමෙරිකාවට පැමිණීමෙන් පසු නිව්යෝර්ක් සහ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරවල වෙසෙන මියන්මාර වැසියන් හමුවීමට ද සූදානමින් සිටින බව වාර්තා වේ. දශක ගණනාවක් තිස්සේ හමුදා පාලනයට නතුව තිබූ මියන්මාරය මේ වන විට අත්පත් කර ගෙන සිටින ප‍්‍රගතිය පිළිබඳව මෙම සංචාරයේදී අදහස් දැක්වීමට සූ කී සූදානමින් සිටින බව මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මියන්මාර ජනපති තේන් සේන් ද මේ මස අගදී ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිත අතර සූ කීගේ මේ සංචාරය පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දශක දෙකකට පසුව සූ කී ඇමෙරිකාවේ සංචාරයක
සිල්වා Monday, 17 September 2012 04:15 PM
කොහොම හිටපු කෙනෙක්ද (දී)