IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුව පැහැරගත් අම්මා උසාවියට

මාස 11 දී මවකගේ පැහැරගැනීමට ලක්වූ දැරියක වසර විස්සකට පසු සොයාගත් බව ඕස්ට්‍රේලියා පොලීසිය පවසයි. සවන්තා හැරිස් ටොඩ් ඇමෙරිකාවේ අතුරුදන්වූවන්ගේ ලේඛණයේ වසර 19 ක් ම නම සදහන් වූ දැරියකි.

1994 වර්ෂයේදී ඇමෙරිකාවේ සවුත් කැරොලිනාහි දී ඇය අතුරුදන් වූ බව ඇගේ පියා පොලීසියට පැමිණිලි කැර තිබිණි. බෙන්ජමින් හැරිස් ටොඩ් නමැති පියා තම දියණිය සොයා දශක දෙකක කාලයක් දැරූ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස ඇය සොයා ගැනීමට හැකිවූ බව ඕස්ට්‍රේලියා පොලීසිය කියයි. දැරිය සිටින ස්ථානය ගැන පොලීසියට පවසා ඇත්තේ පියා විසිනි.

මේ දැරියගේ මව ඩොරති ලී බානෙට් ප්‍රධාන සැකකාරියයි. මව මානසික ආබාධයකින් පෙලෙන බව අධිකරණය ලබාදුන් තීන්දුවකින් පසු සවන්තා හැරිස් දැරිය ඇගේ පියා වූ බෙන්ජමින්ගේ භාරයට පත්කැරිණි. ඩොරති දියණියට උපත ලබා දීමටත් පෙර මේ යුවල වෙන්ව සිටියහ. අධිකරණයේ තින්දුවෙන් පසු දැරිය බෙන්ජමින්ගේ මව භාරයේ සිටියදී ඩොරති විසින් 1994 අප්‍රේල් මස 22 දා දැරිය පැහැරගත් බව බෙන්ජමින් පොලීසියට පැමිණිලි කැර තිබිණි.

එදා පටන් පොලීසිය හා බෙන්ජමින් දැරිය සොයා වෙහෙසුණ ද ප්‍රතිඵලයක් අත්වූයේ නැත. වසර 19 ට පමණ පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය ඩොරති හා ඇගේ විසි හැවිරිදි දියණිය ක්වින්සිලනඩ් හි කෝට් වලදී අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වන විට ඩොරති විවිධ නම්වලින් අවස්ථා කිහිපයක දී පෙනී සිටි බව ද පොලීසිය කියයි.

ඕස්ට්‍රේලියාවේ වාර්තා අනුව සවන්තා දැනට ක්වින්ලන්ඩ් සරසවියේ හෙදියක ලෙස පුහුණු වෙමින් සිටියි. පොලිසිය මේ දෙදෙනා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය කියා ඇත්තේ තම මවට දැඩි සේ ආදරය කරන බවයි. මේ මවත් දියණියත් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඩොරතිට සහය වීමට විශාල පිරිසක් උසාවිය ඉදිරිපිට රැස්ව සිටි බව ද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ ඩොරති සිය දියණිය වෙනුවෙන් ම කැපවූ චරිතවත් කාන්තාවක් බවයි. එමෙන් ම ඩොරතිගේ නීතීඥයන් උසාවියට කියා ඇත‍්තේ ද තම සේවාදායිකාව යළි පැනයාමට අදහස් නොකරන බවයි. ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කළ ඇය ආර්ථික අපහසුතා හේතුවෙන් තම දියණියට ඉගැන්වීමට සිය නිවස පවා උගසට තබා ඇතැයි නීතීඥයන් උසාවියට කරුණු දක්වා ඇත.

දැරිය පැහැරගත් ඩොරති මුළින්ම දකුණු අප්‍රිකාවට ගොස් ඇති බවත් එහිදී ජුවන් හෙල්ඩෙන්හවුස් නමැති අයකු හා 1995 දී විවාහ වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම විවාහයෙන් ඇය පුතකු වැදුවාය. ඔහු දැන් 17 වැනි වියේ පසුවෙයි. අප්‍රිකාවෙන් ඇය නවසීලන්තයට පැමිණියාය. නවසීලන්තයේ පුරවැසි බව ද ලබාගත් ඇය වසර පහකට පසු සිය දෙවැනි සැමියාගෙන් ද වෙන්වී ඇත. ඇගේ වෙන්වීමෙන් පසු ඔහු අස්ථි පිළිකාවකින් මියගියේය. ඕස්ට්‍රේලියා පොලීසිය පවසන්නේ ඩොරති ඇලෙක්සැන්ඩ්‍රා, මාරියා, කැන්වන් යන විවිධ නම්වලින් පෙනී සිට ඇති බවයි.

පසුගිය නොවැම්බර් 04 දින අත්අඩංගුවට ගැනුණු ඩොරති ‍ජාත්‍යන්තර මව්පිය පැහැර ගැනීමට චෝදනා ලැබ සිටින කතකි. ඇය ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතය හා වැරදි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින්නීය. මේ චෝදනා වලට පිළිතුරු දීම සදහා ඇයට ඇමෙරිකාවේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. ඇය ඉදිරි දිනක ඇමෙරිකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියා බලධාරීන් කියයි.

පැහැරගත් දැරිය වසර 19ට පසු සිය පෙම්වතා සමග



අදහස් (0)

දුව පැහැරගත් අම්මා උසාවියට

ජයතිලක Monday, 25 November 2013 02:35 AM

මේක අලුත් කතාවක් නෙවෙයි ටිකක් පරණ එකක්. (නදී)

:       0       0

අමා Monday, 25 November 2013 12:49 PM

ඒ තමයි අම්මාගේ ආදරය (නි)

:       0       0

නිලාන් Wednesday, 27 November 2013 01:33 AM

ජයතිලක, මේ සිද්ධියේදී ඔයාට ඇති වූ හැඟීම ගැන පුදුමයි (නි)

:       0       0

ජයතිලක Monday, 25 November 2013 05:37 AM

ඕස්ට්‍රේලියාවේ මුදල් අවශ්‍ය නම් තමන්ගේ නිවස විකුණනවා හැරෙන්නට, නිවස උගසට තබා මුදල් ගැනීමට නොහැකිය. ලංකාවේ මෙන් උගසට ගන්න කෙනෙක් නැත. (නි)

:       0       0

ලාල් මහනුවර Wednesday, 27 November 2013 02:05 AM

අඹු සැමි ආරාවුල් හරිම සංකීර්ණ ප්‍රශ්න මොනවද කියල හිත ගන්න බැහැ.(අ)

:       0       0

සිරි Wednesday, 27 November 2013 02:59 AM

අපි මෙහි යථාර්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)

:       0       0

සමන් Sunday, 24 November 2013 08:49 PM

තාත්තා කෙනෙකුටත් අම්ම කෙනෙකුටත් දරුවෙකුට තියන අය්තිය එක සමානයි මේ තාත්තා තමුන්ගේ දරුවා නැතුව කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද (අ)

:       0       0

කුමාරි Monday, 25 November 2013 04:21 PM

අපි මවකගේ ආදරය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 56 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site