මෝල්ටා ජාතික ජෝර්ජියෝ ටී ප‍්‍රචලිතව ඇත්තේ ‘‘මිනිස් බුමතුරුණ‘‘ ලෙසය.ඒ ඔහු ඔබේ මගේ පයට පෑගෙන ‘‘බුමතුරුණක්‘‘ ලෙස පෙනී සිටින බැවිනි.එකම වෙනස මේ ‘‘බුමතුරුණට‘‘ පණ තිබීමයි.
තමන් මතින් මිනිසුන් ඇවිදගෙන යාමේදී තමන්ට අමුතුම සහනදායී හැගීමක් දැනෙන බව ජෝර්ජියෝ කියයි.ඇතැමුන් මේ මොන විකාරයක්දැයි කියමින් තමන් අසලටවත් නොආවද බෙහෝදෙනා තමන් බුමතුරුණක් සේ සළකා තමන් මතින් ඇවිදගෙන යන බව ජෝර්ජියෝ පවසයි.
ජෝර්ජියෝ මේ දිනවල සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේය.නිව්යෝර්ක් නගරයේ සමාජශාලා වල පැවැත්වෙන සාදයන් බෙහෝමයක ජෝර්ජියෝ සිටිනු දැක ගත හැකිය.කැන්වස් රෙද්දකුත් ඇග වටා දවටාගෙන බිම දිගාවී සිටිනා ජෝර්ජ්ගේ ඇඟ මතින් තරුණ තරුණියන් ගමන් කරන්නේ ඒය මහත්ම විනෝදජනක දෙයක් යැයි සළකාය.
තම ‘‘සේවා‘‘ සැපැයීමට ජෝර්ජියෝ මුදල් අය කරයි.තමන් ගැන අන් අය සිතන දේ ගැන තැකීමක් නොකරන ජෝර්ජියෝ පවසන්නේ තමන්ගේ මානසික සුවය සදහා මිනිස් බුමතුරුණක් ලෙස පෙනී සිටීම ඇතැමුන්ට අප‍්‍රසන්න වූවාට ඔහුට කරන්නට දෙයක් නැති බවය.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුවිලි මිනිසෙක්
මහින්ද Thursday, 22 August 2013 03:21 PM
සල්ලි නැති කෙනෙක්ද කොහෙද? (නි)
මහගෙදර ඇඹිලිපිටිය Friday, 23 August 2013 09:38 AM
අම්මෝ අසේලත් දන්නා දේවල්.(නදී)
ඉෂාර Thursday, 22 August 2013 01:07 PM
උඩුබැලි අතට නිදන් රාජකාරිය කරද්දි මානසික සුවය ගැන කවර කතාද. (දී)
අසේල Friday, 23 August 2013 03:50 AM
ඕකට කියන්නේ "ස්ව පීඩිත කාමුකත්වය''කියලා. (නි)
විරාජ් Wednesday, 28 August 2013 10:23 AM
මමත් එකඟයි අසේලගෙ ප්‍රකාශයට. (ස)