දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් මොල්ටාවට නුදුරින් මුහුදු පත්ලේ තිබී සොයාගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.
අර්ජ් නම් මෙම සබ්මැරීනය 1942 වර්ෂයේ අප්‍රේල් 27දින කාර්යමණ්ඩලයේ 32 ක් නාවුක භටයන් 11ක් හා මාධ්‍යවේදියෙකු රැගෙන ගමන් ආරම්භ කර ඇති නමුත් නියමිත දිනයට ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ලඟානොවූ බව සඳහන් වේ.
එහි ඉරණම මෙතෙක් අභිරහසක්ව පැවතිණ.
මෝල්ටා සරසවියේ මුහුදු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් දශක දෙකක් පුරා සිදුකරල ලද ගවේශණයන්හි ප්‍රථිඵලයක් ලෙස සබ්මැරීනය සොයා ගැනීමට හැකිවී ඇත.
ගවේෂකයින් පවසන්නේ අධිබල පිපිරුමක් හේතුවෙන් සම්බැරීනය ක්ෂණිකව මුහුදේ ගිලීගොස් ඇති බවට සාක්ෂිලැබී ඇති බවයි.
ඒ නිසා කිසිවකුටත් දිවි බොරා ගැනීමට නොහැකි වන්නට ඇති බවද ඔවුහු පවසති.
සබ්මැරීනයේ ඉදිරිපස කොටසට සිදුවී ඇති හානි තක්සේරු කිරීමෙන් ඔවුන් මෙම නිගමන වලට එළඹ ඇත.
කෙසේවුවද නෞකාවේ ඉතිරි කොටස ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බවත් එය සිරස්ව මුහුදු පත්ලේ රැඳී තිබෙන බවත් සඳහන් වේ.
අර්ජ් සබ්මැරීනය මධ්‍යධරණී මුහුදේ දි සතුරු නෞකා ගනනාවකට සාර්ථක ලෙස ප්‍රහාර එල්ලකර ඇතැයි පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
800
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු සබ්මැරීනයක් සොයාගනී