IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දෙවැනි එලිසබත් මහ රැජිනට 96 ක්

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය 96 වෙනි ජන්ම දිනය ඇයට අයත් නොර්ෆොල්ක් වතුයායේ සිට සැමරුවාය.

දෙවැනි එළිසබෙත් මහ රැජින වැඩිම කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටින රාජ්‍ය නායකයා ද වෙයි. ඇය වින්ඩ්සර් මාලිගයේ සිට නොර්ෆොල්ක් වතුයායේ පිහිටි කුඩා මන්දිරය බලා ගියේ හෙලිකොප්ටරයකිනි.

මීට සති කීපයකට පෙර මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය විය. සුවය ලැබුවත්, වයිරසය හේතුවෙන් තම සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇතැයි රැජින පවසා තිබේ.

නෝර්ෆොල්ක් වතුයායට පැමිණි මහ රැජින රජ පවුලේ සෙසු සාමාජිකයන් සහ මිතුරන් මුණ ගැසුණාය. නොර්ෆොල්ක් වතුයායේ පිහිටි කුඩා මන්දිරය එලිසබත් මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරුන්ට අයත් එකකි. පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2021 වසරේය.

දෙවැනි එළිසබත් මහ රැජින, 96 වෙනි ජන්ම දිනය සැමරීම සඳහා නිල ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. මහ රැජින එම ඡායාරූපයේ පෙනී සිටින්නේ ඇය වඩාත් ප්‍රිය කරන සුදු පැහැති පෝනියන් දෙදෙනකු ද සමඟය.

(රොයිටර්)



අදහස් (0)

දෙවැනි එලිසබත් මහ රැජිනට 96 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site