කුළුදුල් දරුවා ලැබීමත් සමග සිය පෙම්වතිය තමන්ට දක්වන ආදරය අඩුවී ඇතැයි දුකට පත් පෙම්වතෙකු එම දරුවා
අන්තර්ජාලය ඔස්සේ විකිණීමට තැත් කළ පුවතක් ඇමරිකාවේ නිව්යෝරක් නගරයෙන් වාර්තා වේ.
‘‘දරුවකු විකිණීමට ඇත‘‘ යන මැයෙන් අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ හා හුවමාරු කිරීමේ වෙබ් අඩවියක් වන ක්‍රෙයිග්ස් ලිස්ට් වෙබ්අඩවියේ දැන්වීමක් පළකර ඇති හෙතෙම දරුවා මිල කර තිබී ඇත්තේ ඩොලර් 100 ක (රුපියල් 13300) මුදලකටය.දරුවාගේ වයස යන්තම් මාස දෙක සපිරුණා පමණි.
දරුවාගේ මව මේ කිසි දෙයක් නොදැන සිටියාය. මුත් දිනක් නිවසේ දුරකථකනයට කතා කළ කාන්තාවක් දරුවෙකු විකිණීමට සිටින්නේදැයි ඇසූ කල විමතියට පත්ව ඇමතුමේ සුලමුල සෙවීමේදී තම පෙම්වතාගේ වැඩකටයුතු හෙළි කරගෙන ඇත්තීය.
පෙම්වතා අන්තර්ජාලයේ පළකළ වෙළද දැන්වීමේ සටහන් කර තිබී ඇත්තේ නිවසේ දුරකථන අංකයයි.
පෙම්වතාට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමට පෙම්වතිය කටයුතු කර ඇත්තීය.
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති පෙම්වතාට එරෙහිව දරුවෙකුගේ සුභසාධන අයිතීන් උල්ලංඝණය කිරීම යන චෝදනාව නැගී තිබේ.අධිකරණයේදී වරදකරු බවට තීරණය වුවහොත් වසරක සිරදඩුවමකට යටත් වීමට ඔහුට
සිදුවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකුගේ වටිනාකම ඩොලර් 100 යි
ලක්මාල් Sunday, 11 August 2013 07:08 PM
මෙවැනි දේවල් ලෝකයේ කොතරම් වෙනවා ඇද්ද? දඩුවම් කළ යුතුයි (නි)
දුමින්ද Monday, 12 August 2013 02:44 PM
නීතියෙන් විවාහ නොවී ජීවත්වීමීදී දරුවන්ට පියාගෙන් නියම සෙනෙහස ලැබෙන්නෙ නැහැ,විවාහ ගාස්තුව ඉතා ඉහල ගිය නිසාද දන්නෑ (අ)