IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරුණුම බඹරෙක් සුරතලා වෙයි

ලොව වඩාත් ප්‍රචණ්ඩකාරීම හා රුදුරු සතුන් අතරින් ඉහළම ස්ථානයේ සිටින්නේයැයි සැළකෙන විශාල ජපාන බඹරෙකු තමන්ගේ සුරතලා කරගෙන සිටින පුද්ගලයෙකු ටෝකියෝ නුවර සිටී.

ඔහු තමන්ගේ ට්විටර් හා ෆේස්බුක් වැනි ගිණුම් වලට තම ‘සුරතල්‘ බඹරා තැන් තැන්හි තබා ගත් ඡායාරූපයන් ආදිය එක් කර ඇත.

බඹරාට නූල් කැබැල්ලක් ගැටගසා එය අල්ලාගෙන බඹරාව ‘ඇවිද්දවන‘ බවද ඔහු කියා ඇත.

බඹරාගේ විශ දළ ගළවා ඇති හෙයින් සපා කෑවද තමන්ට හානියක් නැතැයි ඔහු සඳහන් කර තිබේ.

නමුත් බොහෝ දෙනා පවසන්නේ මෙය බොරුවක් විය හැකි බවයි.

ජපාන බඹරුන්ගේ ප්‍රචණ්ඩත්වය හමුවේ මෙසේ ඔවුන් ‘හීලෑ‘ කිරීමට සිතීමටවත් නොහැකි යැයි ඔවුන් පවසයි.

මෙම බඹරුන්ගේ විශ ශරීරගතවූ විට ස්නායු පද්දතියට හානි පමුණුවන බව සොයාගෙන ඇති වැඩි මාත්‍රාවකින් ශරීරගතවුවහොත් හිමිවන්නේ මරණයයි.

සෑම වසරකම ගිම්හානයේදී ජපාන ජාතිකයින් 40 ක පමණ දෙනෙක් මෙම බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්ව මිය යන බවද සඳහන්ය.

මෙනිසාම ජපාන බළධාරීන් බඹරාව ජපානයේ පුද්ගල මරණ වලට හේතූන් ලැයිස්තුවේ දෙවැනි තැන තබා ඇත.පළමු තැන හිමිව ඇත්තේ මිනිසාටය.

මෙම බඹරා දැනටමත් මරණයට පත්ව ඇති සෙයක් පෙනෙන්නේයැයි බඹරා සුරතලෙකු බවට පත්කරගෙන සිටිනා බව කියන මේ පුද්ගලයා පවසන කතා බැහැර කරන බොහෝ දෙනා කියයි.



අදහස් (0)

දරුණුම බඹරෙක් සුරතලා වෙයි

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 11:08 AM

ඔය මොන බඹරුද? අපි අවුරුදු පහෙන් පහට පත්කරගෙන හුරතල් කරන්නේ.... අන්න එයාලනේ ලෝකයේ ඉන්න භයානකම බඹරු (නි)

:       0       0

මංජුල Friday, 15 August 2014 12:17 AM

ඒකත් ඉතින් එක්තරා දක්ෂකමක් තමයි (නි)

:       0       0

ජයත් Thursday, 14 August 2014 06:35 AM

සිම්පල් සමහරු ඕයි ට වැඩිය දරුණු බිරින්දෑවරු සුරතල් කරගෙන ඉන්නේ !(දී)

:       0       0

රොෂාන් Wednesday, 13 August 2014 06:14 PM

බඹර පහස ලබන මලක්දෝ.... (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 09:34 AM

එවැනි බඹරු ටිකක් සීගිරිය පැත්තට ගෙනත් දැම්මොත් මොකද වෙන්නේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:45 AM

මොන පිස්සුද , අවුරුදු පහෙන් පහට මාරු කර කර අපි හුරතල් කරන බබරු තරන් නම් විස නැතුව ඇති මොනම බබරෙක්වත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site