'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, දින 130 ක් රෝහල්ගතව සිටි ඉන්දියානුවකු ගැන ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. විශ්වාස් සයිනී නමැති මෙම පුද්ගලයා 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස රෝහල්ගත වී ඇත්තේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. විශ්වාස් සයිනී
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරූත් නුවර වැසියකු වන අතර, මොහු ඇතුළත් කර තිබෙන්නේ නුටේමා රෝහලටය.
'විශ්වාස් සයිනී කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔහු සතියක් පමණ නිවසේ නිරෝධායනයට ලක් වී සිටියා. ඔහු රෝහලට ඇතුළත් කෙරුණේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසයි. ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා. ඔක්සිජන් මට්ටම 16 දක්වා පහළ ගියා. අප ඔහු මාසයක් තිස්සේ වෙන්ටිලේටරයකට සම්බන්ධ කළා. ඒත් ඔහු වයිරසයට එරෙහිව සටන් කළා. කෙසේ හෝ සුවය ලැබුවා. ඒ සියල්ල සිදුවුණේ ඔහුගේ ධෛර්යය නිසයි. ජීවත්වීමට ඇති ආසාව නිසයි' යැයි නුටේමා රෝහලේ වෛද්‍ය අව්නීත් රානා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
670
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින130 ක් කොරෝනා එක්ක සටන් කරලා