
'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ.
එම ගගනගාමීන් තිදෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවක වෙයි. ඔවුන් ෂායි ෂී ගැංග්, යේ ගන්ග් ෆූ සහ වැංග් යැපිංග් ය. චීනය පෘථිවි කක්ෂයේ නිපදවන 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම්වලට සම්බන්ධ වූ පළමු කාන්තාව ලෙස වැංග් යැපිංග් සැලකෙයි.
ගගනගාමීන් රැගත් 'ෂෙංසූ 13' ගගන කැප්සියුලය අද (16) යළි පෘථිවියට පතිත වීම සිදුවිය. කැප්සියුලය මොංගෝලියාවට පතිත වූ අතර චීන අභ්‍යවකාශ ආයතනයේ බලධාරීහු සහ හමුදා නිලධාරීහු එය පැමිණෙන තෙක් බලා සිටියහ.
මොවුන් තිදෙනා මීට මාස 6 කට පෙර පෘථිවි කක්ෂය බලා ගොස් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට අයත් 'ටියැංහේ' නමැති ප්‍රධාන කොටස (මොඩියුලය) උඩු ගුවනට යවා තිබුණු සෙසු කොටස් සමඟ එකලැස් කිරීම සිදු කළේය.
චීන අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම 2022 වසර අවසන් වෙද්දී ඔවුන් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් සම්පූර්ණ කරන බවය. මෙයා ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළකි.
බටහිර රටවල් සමඟ පවතින මත ගැටුම් හේතුවෙන් චීනය, අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවනකාශ නැවැතුම්පොළ භාවිතයට නොගනී.
චීනය ඔවුන්ගේ තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ටම කියා 'ටියැංගොන්' යන නමින් අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරන්නේ ඒ අනුවය. 2029 වසර වෙද්දී චීනය සඳ ගවේෂණයට පමණක් නොව, සඳ මත ජනාවාස පිහිටුවීමට පවා බලාපොරොත්තු වෙයි. එම කටයුතු සඳහා අතරමැදි නැවැතුම්පොළක් ලෙස 'ටියැංගොන්' ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින 183 කින් ආපසු එති