බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත සභා මැතිවරණ පෙරේදා (30) ආරම්භ විය.
ඡන්ද පොළ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 75,000 යොදවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. පන්ජාබ් ප‍්‍රාන්තයේ දැනට බලයේ සිටින්නේ කොංග‍්‍රස් පක්ෂයයි.
පන්ජාබ් ප‍්‍රාන්තය පිහිටා තිබෙන්නේ ඉන්දු/පාකිස්තාන දේශ සීමාවට යාබදවය. ඉන්දියාවේ ආහාර ගබඩාව ලෙස සැලකෙන පන්ජාබ් ප‍්‍රාන්තය ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ ගම් ප‍්‍රදේශය ද වන හෙයින් බහුතරයක් කොංග‍්‍රස් පක්ෂයට සහාය පළ කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ වන විට උත්තරකාන්ද් ප‍්‍රාන්ත සභා මැතිවරණය ද ආරම්භ වී ඇත. උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ බලය පවතින්නේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ඔවුන් මෙවර උත්සාහ ගන්නේ එම බලය දිගටම පවත්වා ගැනීමටය.
ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹුණේ ඉකුත් 28 වැනිදාය. මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි පහරවලින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මනිපූර් පොලිසිය කියා සිටියේ එය ඉන්දීය රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින නාගලන්ත මාවෝවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් එල්ල කළ කුරිරු ප‍්‍රහාරයක් බවය. ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභා මැතිවරණය මෙම මස 8,11,15,19,23,28 සහ මාර්තු 3 වැනිදා පියවරෙන් පියවර පැවැත්වීමට නියමිතය.
කුල හීන කාන්තාවක වන මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන පක්ෂය සමඟ කොංග‍්‍රස් පක්ෂය උත්තර ප‍්‍රාන්තයේ බලය ලබා ගැනීමට තියුණු සටනක් මේ වන විටත් ආරම්භ කර ඇත. දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට ලක්වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීම මෙම ප‍්‍රාන්ත මැතිවරණවල ප‍්‍රධානම අරමුණ වේ. සියලූම ප‍්‍රාන්ත ඡන්ද ප‍්‍රතිඵල මාර්තු 6 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරැඹේ