IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු සෝමාලියාවේ ප‍්‍රාන්ත කැරලිකරුවන්ට ගුවනින් ප‍්‍රහාරයක්

දකුණු සෝමාලියාවේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් රජයේ හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් අඩු තරමින් දස දෙනෙකු මිය ගොස් ඇතැයිද එනමුත් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බවද ප‍්‍රචණ්ඩකාරීහු සෝමාලි රජයට චෝදනා කරයි. මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් ගණන් බලා නැතැයි අහමඞ් යුසුෆ් නම් ප‍්‍රහාරයට ලක්වූ හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ අසල්වැසියකු පැවසීය. හොස්නින්ගෝව් ප‍්‍රදේශයට ඉහලින් පැමිණි හමුදා ජෙට් යානා තුනක් මෙම ප‍්‍රහාර එල්ල කළ බව අහමඞ් යුසුෆ් තව දුරටත් පැවැසීය. ප‍්‍රහාරක යානාවලින් දැමූ එක් බෝම්බයක් හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ කඩසාප්පු පිහිටි ප‍්‍රදේශයට වැටී ඇත. දකුණු සෝමාලියාවේ කොටසක් සෝමාලි ප‍්‍රචණ්ඩකාරීන්ගේ ග‍්‍රහණයට නතුවී තිබේ. නමුත් ප‍්‍රාදේශීය හමුදා ඛණ්ඩවලින් එම ප‍්‍රදේශවලට නිතර ප‍්‍රහාර එල්ල වේ. අහිංසක සිවිල් ජනතාවට එල්ල කරන ප‍්‍රහාරවලට පළිගන්නා බව ෂෙඩා ඕ ප‍්‍රදේශය බාර කැරලි නායක ෂීක් අඩුකාර් පැවැසීය.



අදහස් (0)

දකුණු සෝමාලියාවේ ප‍්‍රාන්ත කැරලිකරුවන්ට ගුවනින් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site