IMG-LOGO

දකුණු සුඩානයේ ගැටුම්වලින් 51 දෙනෙක් මරුට: 22 කට තුවාල

දකුණු සුඩානයේ ගෝත‍්‍රික ජන කණ්ඩායම් අතර දරුණු ගැටුම් පවතින ජොන්ග්ලි ප‍්‍රදේශයේ දී පෙරේදා(17) තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විසිදෙදෙනකු තුවාල ලබා ඇති බව ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරයා කියා සිටියේය. උතුරු ජොන්ග්ලි ප‍්‍රදේශයට කඩා වැදුණු අවිදැරූ සටන්කාමීන් ඩුක් පාඩිට් ගැමි පෙදෙසට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළේය. එම ප‍්‍රහාරයෙන් මිය ගිය අයගෙන් බහුතරය කාන්තාවන්, කුඩා දරුවන් සහ මහලූ වයසේ අය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් විසින් ජුබා නගරයේ රෝහල කරා රැුගෙන ගොස් ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උද්ගත වූ එම  අරගලකාරී තත්වය හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින පිරිස හැටදහසකට අධික බව වාර්තා වේ. මර්ල් ගෝත‍්‍රිකයන්ගෙන් පළිගැනීමේ අරමුණින් පසුගිය මාසයේදී ලූ නුඑර් ගෝත‍්‍රයට අයත් 8,000ක් පමණ වූ සටන්කාමීන් පිරිසක් පිබෝර් ප‍්‍රදේශයට පැමිණ සිටී. එම කි‍්‍රයාවට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස මර්ල් ගෝත‍්‍රිකයන් විසින් මෙම ප‍්‍රහාරය සිදු කරනු ලැබ ඇතැයි එරට ආරක්ෂක අංශ වාර්තා කරයි. ඌන සංවර්ධිත රටක් ලෙස සැලකෙන දකුණු සුඩානය පසුගිය වසරේ ජූලි මාසයේදී නව රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව එරට රජය විසින් ජොන්ග්ලි ප‍්‍රදේශය ‘‘ව්‍යවසනකාරී ප‍්‍රදේශයක්’’ ලෙස හැඳින්වීය. දශක දෙකක් තිස්සේ පවතින යුද්ධය හේතුවෙන් අවි ආයුධ බහුල ප‍්‍රදේශයක් ලෙස එම ප‍්‍රදේශය සැලකේ.



අදහස් (0)

දකුණු සුඩානයේ ගැටුම්වලින් 51 දෙනෙක් මරුට: 22 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site