IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු චීන මුහුදට ඇමෙරිකා යුද නැවක් ගිහින්

චීනය අයිතිවාසිකම් කියන අර්බුදකාරී ‘දකුණු චීන’ මුහුද දෙසට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යුද නැවක් යාත්‍රා කර ඇතැයි වාර්තා වේ.

‘දකුණු චීන’ මුහුදට තායිවානය සහ වියට්නාමය ද අයිතිවාසිකම් කියන අතර එම රටවල් තුනටම අභියෝග කිරීමේ අරමුණින් ඇමෙරිකාව තම යුද නැව දකුණු චීන මුහුද දෙසට යාත්‍රා කළ බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 

මිසයිල නාශක යු.එස්.එස් ස්ටෙතෙම් යුද නෞකාව චීනය, තායිවානය සහ වියට්නාමය අයිතිවාසිකම් කියන දකුණු චීන මුහුදට නාවික සැතපුම් 12ක් දුරින් පිහිටි ‘පැරාසෙල්’ දුපත් ආසන්නයෙන් යාත්‍රා කර තිබේ. එම දූපත් දකුණු චීන මුහුදේ තිබෙන දූපත් සමූහයකි.  ‘ෆොක්ස් නිව්ස්’ පුවත් සේවය දකුණු චීන මුහුදේ කෙරෙන මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පළමුවෙන් වාර්තා කර තිබිණි. මෙය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිධුරය සමයේදී කෙරෙන දෙවැනි නිදහස් නාවික මෙහෙයුමයි (ෆොනොප්). ඉකුත් මැයි මාසයේදී දී ඇමෙරිකාවට අයත් යුද නෞකාවක් දකුණු චීන මුහුදේ චීනය නිර්මාණය කළ කෘතිම දූපතකට නාවික සැතපුම් 12ක් දුරින් ගමන් කරමින් යුද අභ්‍යාස මෙහෙයුමක නිරත විය. 

මෙම සිදුවීමත් සමඟ චීනයට අයත් මුහුදට ඇමෙරිකාවට අයත් නෞකාවක් අනවසරයෙන් ඇතුළු වූ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම මෙහෙයුම සම්පූර්ණයෙන්ම දේශපාලනික සහ හමුදාමය වශයෙන් තම රට ප්‍රකෝපකරන මෙහෙයුමක් යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. එම නෞකාවට අනතුරු ඇඟවීම සඳහා යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යැවූ බව ද චීනය සඳහන් කර තිබිණි. 

චීනයේ ස්වෛරීත්වය උල්ලංඝණය කරන සහ චීනයේ ආරක්ෂාව අනතුරේ හෙළන මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා නවත්වන්නැයි ඇමෙරිකාවට අවධාරණය කරන බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්විණි. 

රොයිටර් ඇසුරෙනි 055



අදහස් (1)

දකුණු චීන මුහුදට ඇමෙරිකා යුද නැවක් ගිහින්

prabash Tuesday, 04 July 2017 11:00 AM

ශ්‍රී ලංකාවේ මුහුදට ඇමෙරිකාව කවදාවත් මේ වගේ නැවක් එවන්නේ නෑ. ආවොත් වෙනදේ හොඳටම දන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site