දකුණු ගාසා තීරයට යළි ජලය ලබා දීමට තීරණ කළේ යැයි ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ, ගාසා තීරයේ උතුරු කොටසේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දකුණු කොටසේ සිවිල් වැසියන් රැසක් රැඳී සිටිම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය.
ගාසා තීරයට ටළි ජලය සැපැයීම කළ යුතු බව පෙන්වා දී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඒ, බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැති අවස්ථාවේදීය.
මේ අතර ඊජිප්තු ජනාධිපති අල් සීසී සමඟ ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සාකච්ඡා පවත්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයකට ඊජිප්තු ගාසා දේශසීමාව විවෘත කිරීමටත් පලස්තීනුවන්ට ඒ හරහා ආරක්ෂිත ප්‍රදේශවලට යෑසටත් ඉඩ ලැබෙනු ඇතැයි පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු ගාසා තීරයට ජලය දෙනවා - ඊශ්‍රායලය