IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දකුණු ගාසාවෙන් ඊශ්‍රායල හමුදා යයි

දකුණු ගාසාවේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටි සොල්දාදුවන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වෙද්දීය.

ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් පසුවය. එම අවස්ථාවේදී හමාස් සටන්කාමීන් ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල වැසියෝ 130 ක් පමණ ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ පසුවෙති.

ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින් ගාසා තීරයට පහර දීම ආරම්භ කළේ ප්‍රාණඇපකරුවන් මුදා ගනිමින්, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය.

දකුණු ගාසාවෙන් හමුදා ඉවත් කර ගැණුනත්, ගාසා තීරයේ සෙසු පළාත්වල හමුදා මෛහයුම් දිගටම සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදා පවසයි. ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ මෙහෙයුම් අවසන් කර ඇත්තේ, ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු පාදක කර ගනිමින් යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

දකුණු ගාසාවෙන් ඊශ්‍රායල හමුදා යයි

Bamunuarachchi Monday, 08 April 2024 08:09 AM

ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට අවශ්‍යවී ඇත. තව ටික කාලයකින් නැගෙනහිර ගාසාතිරයක් වීමේ ලකුණු ඇත.

:       8       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site