IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බැලූනය රැගෙන ආ අපද්‍රව්‍ය අතරේ, කිසිදු අහිතකර දෙයක් නොතිබුණු බව ද දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය එම කසල පරීක්ෂා කිරීමෙන් පසු පැවැසීය.

උතුරු කොරියාව, එරට කසල මලුවල පුරවා, බැලූන ආධාරයෙන්, දේශසීමා හරහා, දකුණු කොරියාව දෙසට පාවීමට සැලැස්වීම සිදු කරන්නේ පසුගිය මැයි මාසයේ සිටය. 

දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඊට පිවිසෙන එවැනි බැලූනවලට දකුණු කොරියාව වෙඩි තැබීම ද සිදු කරයි.

කෙසේ නමුත් රේඩාර්වලට ද හසු නොවී, මෙම නවතම කසල බැලූනය සෝල් අගනුවර දක්වා පාවී ආ බවත් එය, යොංග්සැන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා

බකල ජයා Friday, 25 October 2024 07:13 AM

මුල් ළමාවිය සංවර්ධන නොවුන රාජ්‍ය නායකයෙක්ගේ ළදරු වැඩ. අනුරට ඡන්ද ටිකක් අඩුවුනා නම් අපිටත් ඒ වගේ කෙනෙකු යටතේ ජීවත්වෙන්න වාසනාව උදාවෙන්න තිබුණා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 79 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site