මින් ඉදිරියට දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුන් යෝල් තර්ජනය කර තිබේ.
උතුරු කොරියාව යළි දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, 2018 වසරේ සිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ හමුදා ගිවිසුම එම මොහොතේම අවලංගු කරන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙසේ අනතුරු ඇඟවීම් කළේ, උතුරු කොරියානු ඩ්‍රෝන යානා තුනක් පසුගිය දා දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවිනි. එම ඩ්‍රෝන යානා පහර දී විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව සමත් විය.
දකුණු කොරියාව එම ඩ්‍රෝන යානා විනාශ කළේ ඔවුන්ගේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි. මේ අයුරින් උතුරු කොරියාව, දකුණු කොරියානු දේශසීමා උල්ලංඝනයක් කළේ 2007 වසරෙන් පසුවය.
උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට පිවිසියේ ගිම්පෝ නැමැති දේශසීමා නගරයට ඉහළිනි. ඩ්‍රෝන යානා පහර දී විනාශ කිරීම සිදුවූයේ දකුණු කොරියාව සතු කේ.ඒ.1 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු කොරියා ජනපතිගෙන් උතුරු කොරියාවට තර්ජනයක්