කොරියා දේශ සීමාවේ පිහිටි කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට දකුණු කොරියාව කළ ආරාධනය පිළිනොගන්නා බව උතුරු කොරියාව පවසයි.
දෙරටේ දේශසීමාබද කලාපයේ ඇති කේසොන්ග් කාර්මික කලාපයේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාවට පැය 24ක කාලයක් ලබාදෙන බව දකුණු කොරියාව පෙරේදා නිවේදනය කළේය.
කොරියා අර්ධද්වීපයේ හටගත් යුද උණුසුමත් සමඟ වසාදැමුණු මෙම කාර්මික කලාපයේ දකුණු කොරියානු සමාගම් 123ක් ව්‍යාපාර කටයුතු සිදු කරන අතර දකුණු කොරියානුවෝ 53,000ක් පමණ එහි සේවයේ නිරත වෙති. කේසොන්ග් කාර්මික කලාපය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවසන් අයිතිය තමා සතු බවත් දකුණු කොරියාව සිදු කරන ප‍්‍රකාශවලින් සිදු වන්නේ විනාශය තමා වෙත කැඳවා ගැනීම බවත් උතුරු කොරියාව කියා සිටී.
සාකච්ඡා සඳහා කළ ඇරයුම උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ කේසොන්ග් කාර්මික කලාපයේ දැනට රැඳී සිටින සියලූම සේවකයන් ඉවත් කර ගැනීමට දකුණු කොරියාව තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු කොරියාවේ ඇරැයුම් උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කරයි