IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දකුණු කොරියානු යානයක් හිටිහැටියේ ගිනි අරන්

දකුණු කොරියන‘එයාර් බූසාන්’ ගුවන් සේවයට අයත් ‘එයාර් බස් 321’ වර්ගයේ මගී ගුවන් යානයක්, එරට බූසාන් නුවරට ගිණිකොන දෙසින් පිහිටි ගිම්හේ ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී ගිනි ගත්තේය.

ගින්න හටගත්තේ ඊයේ (28) එරට වේලාවෙන් රාත්‍රී 10.15 ට පමණය. යානය මගීන් 169 දෙනකු සහ නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු සමඟ හොංකොං බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.

ගින්න හටගත් අවස්ථාවේ, මගීහු දැඩි ලෙස බියට පත් වී යානය තුළ කලබල කරන්න වූහ. ඔවුන් සන්සුන් කරමින්, ඔවුන් පිටතට ගන යෑමට ගුවන් සේවිකාවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. හටගත් කලබලකාරී තත්ත්වය සහ තෙරපීම නිසා මගීන් තිදෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පැය කීපයක් ප්‍රමාද වීමෙන් පසු, මගීන් වෙනත් ගුවන් යානයකින් හොංකොං බලා පිටත් කර හැරීමට බලධාරීහු කටයුතු කළහ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දකුණු කොරියානු යානයක් හිටිහැටියේ ගිනි අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site