
දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙට (10) ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වත්මන් ජනාධිපති මූන් ජේ ඉන්ගේ ධුර කාලය අවසන් වන බැවිනි. දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව, මූන් ජේ ඉන් ට යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග කළ නොහැක.
ධුරයෙන් සමුගන්නා මූන් ජේ ඉන් නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ 57 හැවිරිදි ලී ජේ මයිංග් ය. මයිංග් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකි. මයිංග් ට අභියෝගයක් වනු ඇතැයි පැවැසෙන්නේ ජනතා බලය පක්ෂයේ නායක යූන් සුක් යියෝල්ගෙනි.
කොරියාව, උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වී සිටියත්, දෙරටේ සිටින්නේ එකම ජාතියකි. කොරියාව මෙසේ බෙදී වෙන් වී සිටින්නේ කොරියානු යුද්ධයෙන් පසුවය.
දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, දකුණු කොරියානු නව ජනාධිපතිවරයාට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. උතුරු කොරියාව සමඟ සාම සාකච්ඡා පවත්වමින් යහපත් සබඳතා පවත්වනවා ද නැතිනම් ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් තවත් වර්ධනය කර ගනිමින් උතුරු කොරියාවට එරෙහිවී කටයුතු කරනවා ද යන්න සම්බන්ධයෙන් ද තීරණ ගැනීමට සිදුවනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවස්ථා තුනකදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙනි. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් එසේ මුහුණට මුහුණ හමුවූයේ ජනාධිපති මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි.
දකුණු කොරියාව තවමත් ‘කොවිඩ් 19’ වසංගතයෙන් ද පීඩා විදී. වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව, කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ද අවස්ථාවක් ලබා දී තිබුණි. ඒ අනුව, ලී ජේ මයිංග් අද (9) සිය ඡන්දය ප්‍රකාශ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියානු ජනාධිපතිවරණය ඇරැඹේ
S.G.l. wickramaarachchi Tuesday, 20 June 2023 07:54 PM
නැත