අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.
රැම්පෝසාට මෙම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ, එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී ආතර් ෆ්‍රේසර් විසිනි. රැම්පෝසා සහ ආතර් ෆ්‍රේසර් සමීප හිතවතුන් බව ද පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය වී ඇත.
ආතර් ෆ්‍රේසර් පෙන්වා දී ඇති අන්දමට, 2020 දී, ජනාධිපතිවරයාට අයත් ඔහුගේ ලිම්පොපෝ ප්‍රාන්තයේ ගොවිපොල නිවසකට ඇතුළු වුණු සොරුන් කතණ්ඩායමක්, ජනාධිපතිවරයා සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් සොරකම් කර තිබේ.
මෙම මුදල ජනාධිපතිවරයා සිය බලතල අවභාවිත කරමින්, අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් යැයි පැවැසෙයි. සොරුන් කණ්ඩායම හඳුනා ගෙන පසුව ඔවුන් පැහැරගෙන ගිය බවත්, එම සිද්ධිය වසං කිරීමට මුදල් දී එම පිරිස නිහඩ කළ බවත් ආතර් ෆ්‍රේසර් පැහැදිලි කර තිබේ.
ආතර් ෆ්‍රේසර්, දකුණු අප්‍රිකා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 2016 සිට 2018 තෙක් කාලයේය. තමන් ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලෙස ඡායාරූප, බැංකු ගනුදෙනු විස්තර, සීසීටීවී වීඩියෝ දසුන් පවා පොලිසියට ලබා දී ඇති බව ෆ්‍රේසර් පවසා තිබේ. රැම්පෝසා පවසා ඇත්තේ එල්ල වන චෝදනා පදනම් විරහිත බවය.
(රොයිටර්)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා