දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි සිදුවූ දුම්රිය අනතුරකින් සිව්දෙනකු මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇත.
අවදානම් තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනකු ගුවන් මගින් රෝහල වෙත ගෙනගොස් ඇති අතර තවත් 10දෙනකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද පැවසේ.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
දුම්රිය මඟීන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ ධාවනයේ යොදා ඇත.
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරු බහුලව සිදුවන අතර පසුගිය වසරේ පමණක් 495දෙනකු දුම්රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085 , 63226)


2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනක් මරුට : 620 කට තුවාල