IMG-LOGO

දෙඅත් නැතත් රිය පදවයි

හදිසි රථ වාහන පරීක්ෂාවක නිරතව සිටි චීනයේ හුඛෙයි ප්‍රාන්තයේ සියැන්ටෝ නගර පොලිසිය දෙඅතම අහිමිල දෙපයේ ආධාරයෙන් මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්හ.

වෝ ගුවෝ නම් වූ මේ පුද්ගලයා හදිසි අනතුරකින් තම දෙඅතම අහිමි වුනේ යැයි පොලිස් නිළධාරීන් හමුවේ පැවසීය.තම මිතුරෙකු තමන්ට රිය පැදැවීමේ මූලික කරුණු කියා දුන් බවත් පසුව දෙපයින් රිය පැදැවීමට පුහුණු වුනු බවත් ඔහු කීය.

වම් පයේ ඇගිලි වලින් සුක්කානම රදවා තබා ගැනීම හා කරකැවීම සිදුකරන අයුරුත් දකුණු පයෙන් වේග හා තිරිංග පැඩලයන් පාගන අයුරුත් ඔහු පෙන්වීය.

මෝටර් රථය කිලෝ මිීටර ලක්ෂයක් පදවා ඇතැයි එහි මීටර පුවරුවේ සදහන්ව තිබුණි.ඒ මුලූ දුර මෝටර් රථය පැදවූයේ තමන් යැයිද මේ දක්වා කිසිදු අනතුරක් සිදුවූයේ නැතැයි යැයිද ගුවෝ පැවසුවේය.

කෙසේනමුත් රියැදුරු බලපත්‍රයක් නොතිබුණු හෙයින් ගුවෝ අත්අඩංගුවට ගැනීමටත් මෝටර් රථය තමන් භාරයට ගැනීමටත් පොලිස් නිළධාරීහු කටයුතු කළහ.

ඔහුගේ ධෛර්යය ඉතා මහත් කොට සළකන්නේ වුවත් ඔහු සිටින තත්ත්වය අනුව මාර්ගයේ අනෙක් රියැදුරන්ට ඔහු මාරකයක් වනු ඇතැයි යන අවදානම බැහැර කළ නොහැකි බවත් මෙනිසා ඔහු රිය පැදැවීමට කුලී රියැදුරෙකු යොදාගැනීමට එකග වන්නේ නම් පමණක් ඔහුගේ මෝටර් රථය නැවත ඔහුට ලබා දෙන බවත් පොලිස් බළධාරීහු පැවසූහ.

 



අදහස් (0)

දෙඅත් නැතත් රිය පදවයි

ඛන්නා Monday, 07 July 2014 06:53 PM

මේක නිශාන් කාර් එකක් අපේ ජාතියේ (නදී)

:       0       0

ටිරල් Sunday, 06 July 2014 10:53 AM

මොහුට සරිලන ආකාරයට වාහනය සෑදිය යුතුයි. මොහුගේ නිදහස නැති නොකළ යුතුයි (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 11:55 PM

ඔය අව යව හොඳට තියෙන අපේ අයියලා යට කරගෙන යනහැටි බලනකොට. චීන මල්ලී නිරුප්‍රදිතව කි.මී ලක්ෂයක් පදවා තිබීම චීන වාර්තා පොතට තවත් වාර්තාවක් ! (නදී)

:       0       0

ගජන් Monday, 07 July 2014 01:53 PM

පහලින් තියෙන්නේ බීර කෑන් එකක් ද ? (නදී)

:       0       0

තිලා Monday, 07 July 2014 08:09 AM

වෙලාවට බීජින් වල මේ වගේ අය නැත්තේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site