
තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ.
36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේෂී සිදුවීමක් යැයි ‘අයුතායා’ නමැති එම අලි අනාථාගාරයේ බලධාරීහු පවසති.
උපත සිදුවී ඇත්තේ පශු වෛද්‍යවරුන්ගේ ද සහාය ඇතිවය. කෙසේ නමුත් නිවුන් අලි පැටවුන්ගේ උපතක් ගැන කිසිවකු දැන නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පළමුවෙන් පිරිමි පැටවකු සහ ඉන් විනාඩි කීපයකට පසු ගැහැනු පැටවකු උපත ලැබූ බව පැවැසෙයි.
දෙවැනි පැටවා උපත ලබද්දී ඇතින්න කලබලයට පත්වුණු බවත් ඇත්ගොව්වන් සහ පශු වෛද්‍යවරුන් ද ඇතුළු කණ්ඩාම ඇතින්න සන්සුන් කිරීමට මැදිහත් වුණු බවත් පැවැසෙයි. එම අවස්ථාවේ ඇතින්නගේ ප්‍රහාරයකින් ඇත්ගොව්වෙක් තුවාල ලැබුවේය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd