IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ.

මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේය. ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවය.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවැසිණි.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට අත්හිටුවීමට කටයුතු කළ නවතම ප්‍රාන්තය වන්නේ මේන් ප්‍රාන්තයයි.
මේන් ප්‍රාන්ත මැතිවරණ කාර්යාංශය පැහැදිලි කර ඇත්තේ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවය.

එහෙයින්, ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් මෙන්ම, මේන් ප්‍රාන්තයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙනු ඇත. වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වී සිටින්නේ ට්‍රම්ප්ය.

(සී.එන්.එන්.)



අදහස් (1)

තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි

sam Friday, 29 December 2023 07:41 PM

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පැමිණීමට නොහැකි තත්වයකට පත්වෙමින් තිබේ. ඔහුට අධිකරණයේදී නඩු රාශියකට මුහුණදී විසඳාගැනීමට ඇත. 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණදී අමරිකානු දේශපාලනය වෙනස් මුහුණුවරක් ගනු ඇත....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 303 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 97 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site