IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තෙල් බිලට ජීවිත බිල්ලට

එක් මගියකුගෙන් ඩොලර් 66 ක් හෙවත් රුපියල් 8,580ක ලාභයක් අපේක්ෂාවෙන් පුද්ගලයන් 298ක් සමග බොයි 777 වර්ගයේ එම්.එච්.17 යානය බිලි දී ඇතැයි ගුවන් ගමන් විශේෂඥයෝ මලයාසියා ගුවන් සේවයට චෝදනා කරති.

මේ දිනවල යුක්රේන රුසියා දේශසීමාවේ පවතින ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම දේශසීමාව අසලින් ගුවන්යානා පියාසර කිරීම යුරෝපීය ගුවන් ගමන් ආරක්ෂණ ආයතනය අනුමත් කරන්නේ නැත. යුරෝපයේ සිට ගමන් ගන්නා යානයක් එම ආයතනයට තම ගමන් මාර්ගය හා පියාසර කරන උස දැනුම් දිය යුතුය.

ජාත්‍යන්තර ගුවන් ගමන් උපදේශන ආයතනයේ රොන් බාට්ච් පවසන්නේ යානයක් ගමන්කරන මාර්ගය අවසානයේ තීරණය කරන්නේ ගුවන් සමාගම විසින් බවයි.

ඔහු පවසන පරිදි මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු එම්.එච් 17 බොයිං 777-220 ඊආර් වර්ගයේ යානයක් පැයක පියාසර කාලයකට ඩොලර් 25,000 ක මුදලක් වැය වේ. මැලේසියා යානයට යුක්රේන රුසියා දේශසීමාව මග හැර යාමට නම් අමතර විනාඩි 45ක පියාසර කාලයක් ගත කිරීමට සිදුවේ. ඒ සඳහා සමාගම දැරිය යුතු වැඩිපුර මුදල් ඩොලර් 18,750 ත්  ඩොලර් 15,500 ත් අතර අගයක් ගනී. මේ අමතර මුදලට යානා මෙහෙයුම් කුලිය, පියාසර කාලයේ කාර්ය මණ්ඩලයට ගෙවියයුතු ගාස්තු, නඩත්තු මුදල්,  රක්ෂණ, බිම් සේවා කුලී සහ ඉන්ධන වියදම් ද ඇතුලත්ය.

බාට්ච් පවසන්නේ සමාගම සුළු මුදලක් ඉතිරිකැර ගැනීමේ අපේක්ෂාවෙන් මේ මාර්ගය තෝරාගන්නට ඇති බවයි.

මලයාසියාවේ ප්‍රවාහන අමාත්‍ය ලිඕන් ටියෝන්ග් ලායි පවසන්නේ යානය ගමන් ගත්තේ කාර්ය බහුල ගුවන් මාර්ගයක බවයි. එම මාර්ගයේ දිනකට යානා 400ක් පමණ පියාසර කරන බවත් යානය සියළු නීතීන්ට හා කොන්දේසීන්ට එකඟව ගමන් කළ බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනෙක් ගුවන් සමාගම් මේ ප්‍රෙද්ශයෙන් ගමන් කරන්නේ නම් සාමාන්‍ය මාර්ගයෙන් කිලෝ මීටර 800ක් දකුණට බරව ගමන් කරන බවයි.

uk 5

uk1

uk 4

uk 3

 

 

 



අදහස් (0)

තෙල් බිලට ජීවිත බිල්ලට

අනුපම Friday, 25 July 2014 04:39 AM

යානය බිම දාපු එකා නෙවෙයි ද එතකොට වැරදි? බටහිර න්‍යාය - ත්‍රස්තවාදියා සැමවිටම නිවැරදිය...(අ).

:       0       0

ජානක Tuesday, 22 July 2014 03:04 AM

අපේ ඒවා කොහේ හරහාද යන්නේ දන්නේ නැහැ. (අ)

:       0       0

සමන් Tuesday, 22 July 2014 05:24 AM

සල්ලි කීයක් හරි ඉතුරු වෙනවනම් අපේ කට්ටියත් මේ පාරෙන්ම තම යනවා ඇත්තේ. (අ)

:       0       0

කුමාරගේ Wednesday, 23 July 2014 08:22 AM

කව්රු මොනවා කීවත් ජීවිත ආපහු ලැබෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site