තෙල් නිධි ආරක්ෂා කිරීම සඳහා නැගෙනහිර සිරියාවට අමතර බළඇණි යැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රතිපත්තිමය තීරණය “ප්‍රබල නොසැලකිල්ලක්” යැයි එරට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පෙන්වාදෙනු ලැබ ඇත.
කුර්දි හමුදා ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාවල සහයෝගය ඇතිව තෙල් නිධි ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් තෙල් නිධි අයි.එස් සංවිධානයේ අතට පත්වීම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
යවන්නේ කුමන හමුදා බලඇණි ද කොතරම් ප්‍රමාණයක් යැවෙන්නේ ද යනාදී කරුණු ඇතුළු එම තීරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නැත.
කිසිඳු අයුරකින් තෙල් නිධි අයි.එස්. සංවිධානයේ අතට පත්වීමට ඉඩ නොතබව බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේය.
කෙසේනමුත් මෙම තීරණයත් උතුරු දිග සහ උතුරු නැගෙනහිර සිරියාවෙන් ඇමෙරිකානු ඉවත් කරගැනීමට ගත් තීරණයත් පරස්පර යැයි බොහෝදනා පවසති. උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීමත් සමඟ එම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තුර්කිය ප්‍රහාර එල්ල කළේය.
“කිසිම ස්ථාවරත්වයක් නැහැ. එක අතකින් කඩා වැටීමක්. ජනාධිපතිවරයා වැනෙන ප්‍රතිපත්ති ගන්නවා. ස්ථීර අදහසක් නැහැ” යැයි නැගෙනහිර සිරියාවට හමුදා යැවීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ මැද පෙරදිග කලාපය පිළිබඳ විශේෂඥයකු වන ජොෂුවා ලැන්ඩිස් මහතා පැවැසීය.
ඇමෙරිකානු හමුදා මෙම ප්‍රදේශවලට යැවීමට අනුවණ ක්‍රියාවක් බව කී හෙතෙම එම ප්‍රදේශ සහ ඒ අවට දේශසීමාවල ආරක්ෂාවට රුසියාව සහ සිරියාව සිය හමුදා යොදා ඇති බවත් හෙතෙම කීවේය.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
- 055 -
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකාවෙන් බළඇණි