ඇෆ්ගන් තලේබාන් සංවිධානය තව දුරටත් ඒ.කේ. 47 ගිනි අවි අතට ගත් නිකම්ම නිකම් සටන්කාමීන් පරිසක් නොවන බවත්, ඔවුන්ට ද විශේෂ බලකායක් සිටින බවත් පෙන්නුම් කරන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
'බද්‍රි 313' නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලකාය යනුවෙන් මෙම සටන්කාමීන් නම් කර තිබේ. ඔවුන් දිගු රැවුලකින් හෝ තලප්පා දවටා ගත් සටන්කාමීන් නොවන බවත්, විදෙස් හමුදා විශේෂ බලකා සොල්දාදුවන් මෙන් මොවුන් ද හමුදා ආම්පන්නවලින් සන්නද්ධ වී සිටින බවත් වීඩියෝ දසුන් සහ ඡායාරූපවල දකින්න ලැබේ.
මෙම බලකායේ සොල්දාදුවන්ට ඇඳුම් සහ උපකරණ ලැබී ඇත්තේ, විදෙස් හමුදා අතහැරදමා ගිය හමුදා කඳවුරුවලින් යැයි ද පැවැසෙයි. ඊට අමතරව, ඇමෙරිකාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබුණු අති නවීන ගිනිඅවි සහ හම්වී ජිප්රථ රැසක් ද මෙම 'බද්‍රි 313' බලකාය සතුව ඇතැයි පැවැසෙයි. 'බද්‍රි 313' බලකායට අයත් සටන්කාමීන් ගණන 313 කි.
(රොයිටර්/අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
තලේබාන් සංවිධානයට සන්නද්ධ බලකායක්