ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත ව තිබූ සාම කතා නවතා දැමීමට සිදුවී ඇතැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති එම සංවිධානයේ ‘සාම කාර්යාලය’ ඊයේ (21) නිවේදනය කළේය.
සාම කතා පෙරේදා (20) ආරම්භ වීමට නියමිතව තිබුණි. සාම කතාවලට බාධා එල්ල වූයේ ඇෆ්ගන් රජයෙන් සහ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් එල්ල වූ විරෝධය නිසාය. ඇෆ්ගන් රජයෙන් විරෝධයක් එල්ල වූයේ, තලේබාන් සංවිධානයේ එම සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නම භාවිතා කිරීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවීමත් සමඟය. එම නම වහා ඉවත් කළ යුතු යැයි ජනපති හමීඞ් කර්සායි පවසා ඇත.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින් වූ නමය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
මේ වනවිට ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ පවත්වන සාකච්ඡුා නවතා දැමීමට ද ඇෆ්ගන් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 12 ක් ගතවී ඇති නමුත් තලේබාන් සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ විදෙස් හමුදාවලට තවමත් හැකියාවක් ලැබී නැතැයි නේටෝ සංවිධානය ද පිළිගෙන ඇත. සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එහෙයිනි.
සාම සාකච්ඡුාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව නිවේදනය කළේ ඉකුත් 19 වැනිදාය.
2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී. ඇමෙරිකා හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කර ඔවුන් ශක්තිමත් කිරීමෙන් ද පසුවය. එම පුහුණු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. ජනපති කර්සායි ප‍්‍රමුඛ බටහිර ආධාර මත පවත්වාගෙන යන ඇෆ්ගන් රජය බිය පළ කරන්නේ විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඉරාකයේ සිදුවන අයුරින් ඇෆ්ගනිස්තානයේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වේවි කියාය.
ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත්තේ 2014 වසරෙන් පසු ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ගැන සළකා බලා ඇමෙරිකානු හමුදා කඳවුරු කීපයක් එරට පවත්වාගෙන යෑමට තම රජය තීරණය කර ඇති බවය. ඇමෙරිකාවත් ඇෆ්ගනිස්තානයත් අතර ආරක්ෂක සාකච්ඡුා පැවැත්වෙන්නේ ඒ සම්බන්ධයෙනි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තලේබාන් සාම කතාවලට බාධා