ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව යන බවත් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඊයේ (25) නිවේදනය කළේය.
තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේත් ප‍්‍රංශයේත් සහාය ඇතිව ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ‘සාම කාර්යාලයක්’ කටාර්හි පිහිටුවා ඇත.
එම ‘සාම කාර්යාලය’ පිහිටුවීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රජයෙන් මීට පෙර විරෝධයක් එල්ල විය. ඒ, එම ‘සාම කාර්යාලය’ පිහිටුවුවහොත්, තලේබාන් සමග සාම කතා පවත්වද්දී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තම රජයට කොන්දේසි පනවනු ඇතැයි ඇෆ්ගන් රජය බිය පළ කිරීම නිසාය.
ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කොට, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට පැවැරීමෙනි. ඒ සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.
ඇෆ්ගන් ජනපති කර්සායි ප‍්‍රමුඛ රජය ද තලේබාන් සංවිධානය සමඟ සාම කතා පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති අතර ජනපති කර්සායි ඒ සඳහා විශේෂ සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත.
ජනපති කර්සායි පවසන්නේ සාම කතා පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ වහා නැවැත්විය යුතු බවය. තලේබාන් සංවිධානය ද සාම සාකච්ඡාවලට කැමැත්ත පළ කර ඇති නමුත් අවි බිම දමා සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර නැත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තලේබාන් සමඟ සාම කතා අරඹන්න ඇෆ්ගන් ජනපති සූදානම්