IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තලේබාන් සටන්කාමීහු 5,000 ක් අවි බිම දමති

අවි බිම දමා ඇෆ්ගන් රජයට යටත් වූ තලේබාන් සටන්කාමීන් 5,000 ක් මේ වනවිට පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමු කර ඇතැයි නේටෝ හමුදා මේජර් ජනරාල් ඬේවිඞ් හුක්ස් පවසයි. වසර 10 ක් තිස්සේ පවතින ඇෆ්ගන් සංග‍්‍රාමයට එකම විසඳුම සාමය යැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ විශ්වාසය වී ඇත. තලේබාන් සංවිධානය සමඟ සාම කතා පැවැත්වීමට ජනපති කර්සායි ‘සාම මණ්ඩලය’ යනුවෙන් විශේෂ නියෝජිත මණ්ඩලයක්ද පත් කර තිබේ. ඇෆ්ගන් රජය නිරන්තරයෙන් තලේබාන් සංවිධානයට පවසන්නේ අවි බිම දමා යටත් වන ලෙසටය. එසේ යටත් වන සටන්කාමීන්ට රජයෙන් වන්දි මුදලක් ද ලැබේ. තලේබාන් සංවිධානයේ දැඩි මතධාරී නායකයන් ඊට විරුද්ධ වුව ද සටන්කාමීන් අවි බිම දමා රජයට එක් වීමට දිනෙන් දින කැමැත්ත පළ කරන බව ජනරාල් ඬේවිඞ් හුක්ස් වැඩි දුරටත් කියා සිටී. මේ අතර නම හෙළි නොකළ තලේබාන් ජ්‍යෙෂ්ඨ නායකයකු පසුගියදා බි‍්‍රතාන්‍යයේ ‘නිව්ස් ස්ටේට්මන්ට්’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ ඇෆ්ගන් සංග‍්‍රාමය ජය ගැනීමට තලේබාන් සංවිධානයට නොහැකි බවය. එම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ හිටපු විශේෂ නියෝජිතවරයකු වන මයිකල් සෙම්පල් සමඟය. 1996 වසරේ සිට ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයයි. 2001 වසරේ අල් කයිඩාව ඇමෙරිකාවට පහර දීමත් අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ගේ ආරක්ෂව හිමිවිය. ඇමෙරිකාව එම වසර අවසානයේ ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ තලේබාන් පාලනය පෙරළා දමමින්ය. එදා සිට මේ දක්වා විදෙස් හමුදා සෙබළු 1,30,000 ක් දෙනා තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදිති. වසර 10 කට වැඩි කලක් ගත වී ඇතත් විදෙස් හමුදා පරදන්න හෝ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීමට හෝ තලේබාන් සටන්කාමීන්ට හැකි වී නැති බවත් එසේ කිරීමට කිසිදාක හැකි වන්නේ නැති බවත් තලේබාන් නායකයා ‘නිව්ස් ස්ටේට්මන්ට්’ සඟරාවට පවසා ඇත. මේ වනවිට තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් විදෙස් හමුදා ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද තලේබාන් නායකයා පවසයි. විදෙස් හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය 2014 වසරේදී අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට සූදානමින් සිටී. ඔවුන් එසේ කරන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් පසුවය.



අදහස් (0)

තලේබාන් සටන්කාමීහු 5,000 ක් අවි බිම දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site