IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තලේබාන් සටන්කාමීහු ඇමෙරිකා ඩ්‍රෝන යානයක් පහරදී බිම හෙළති

පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේදී ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තමන්ට හැකියාව ලැබුණු බව තලේබාන් සටන්කාමීහු පවසති. තම සටන්කාමීන් විසින් පහර දී බිම හෙළනු ලැබූ එම ඇමෙරිකන් ඩ්‍රෝන යානයේ සුන්බුන් මාධ්‍ය වෙත නිකුත් කරන බව ප‍්‍රාදේශීය තලේබාන් නායක හෆීස් ගුල් බහාදූර් පවසයි. ”අප යානය බිම දැම්මේ මචිකෙල් ප‍්‍රදේශයේදී. එම අවස්ථාවේදී යානය ඉතා පහළින් පියාසර කරමින් තිබුණා. අපේ සටන්කාමීන් ඊට වෙඩි තැබුවේ එවිටයි.” යැයි තලේබාන් නායකයා වැඩි දුරටත් කියා සිටියි. පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවට අයත් උතුරු වසිරිස්තානයේදී තම ඩ්‍රෝන යානයක් අනතුරට පත්වී කඩා වැටුණු බව ඇමෙරිකා හමුදාව ද පවසන නමුත් ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානය කඩා වැටුණේ තාක්ෂණික දෝෂයක් නිසා බවය. කෙසේ නමුත් යානයේ සුන්බුන් තලේබාන් සටන්කාමීන් අතට පත් ව ඇති බවත් ඒවා යළි ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවත් ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් කියා සිටියි. තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මතය. ඩ්‍රෝන මෙහෙයුම්වලට නායකත්වය දෙන්නේ ද ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයයි. ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. බුද්ධි අංශය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත. පාකිස්තාන බලධාරීන් ප‍්‍රකාශ කළේ ඇමෙරිකන් ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් දැන ගැනීමට ලැබී නැති බවය.



අදහස් (0)

තලේබාන් සටන්කාමීහු ඇමෙරිකා ඩ්‍රෝන යානයක් පහරදී බිම හෙළති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site