IMG-LOGO

තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියති

බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ.‍

හැරී කුමරු මෙසේ පවසා ඇත්තේ 'ද ස්පෙයාර්' යන නමින් ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත ඔහුගේ ස්වයං චරිතාපදානය පොත හරහාය‍.

හැරී කුමරු කළ ඇති මෙම ප්‍රකාශය ඇෆ්ගන් තලේබාන්වරුන් පාලකයන්ගේ විරෝධයට හේතුවක් වී ඇත.

තලේබාන්වරුන් පවසා ඇත්තේ හැරී කුමරු අතින් මියගොස් ඇත්තේ මුජහදීන් සටන්කාමීන් නොව, ඇෆ්ගන් සිවිල් වැසියන් බවය.

සිවිල් වැසියන් එසේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ‌ නොහැකි බව හැරී කුමරුන්ට දොස් නගමින් තලේබාන් සංවිධානය පවසා තිබේ.‍

(රොයිටර්)



අදහස් (4)

තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියති

kamal Saturday, 07 January 2023 10:17 PM

අපේ කුමාරයෙකුත් නේවි එකෙ ඉද්දි ත්‍රස්තවාදින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කලා.

:       5       26

Bamunuarachchi Sunday, 08 January 2023 08:10 AM

හැරී මහත්තයෝ ලංකාවේ ඉන්න හම්බ සෙට් එකටත් ඔය ටිකම කරන්නකෝ... මේ ගොල්ලොත් තලෙයිබාන් වර්ගයක්...!

:       2       5

Ariyathilaka Sunday, 08 January 2023 06:49 PM

හැරී කුමරු විසින් කර ඇත්තේ එංගලන්ත රජ පවුලේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්; එසේම ගෞරවයද කෙලෙසීමක්; දෙවන එළිසෙබත් රැජණියගේ යහපැවැත්මට කළ නිගාවක්; හැරී කුමරු ආරක්ෂක හමුදාවේ සේවය කිරීමේදී කළ කී දෑ පිළිබඳව රහස්‍ය භාවය රජ පවුල වෙනුවෙන් ආරක්ෂා නොකිරීම බරපතල වරදක්; මුසල්මානු අන්තවාදී ත්‍රස්තවාදයේ භයානකකම හැරී කුමරු විසින් සුළු කොට තකා ඇත. මුසල්මානු ත්‍රස්තවාදයේ "ලේ වන්දි " ගැනීම නොතැකීම බලවත් ප්‍රතිවිපාක අත් විය හැක. රජ පවුලේ ආරක්ෂාව නොතකා කට මැත දෙඩවීම රජ පවුලට සහ රාජ්‍ය තාන්ත්‍රික බවට කළ මදි පුංචිකමක්. රජ පවුලේ ඉදිරි සාමාජිකයින්ට ජීවිත අවදානමකට හෙලීමක්. විසිපස් දෙනෙක් මැරුවත් දැන් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයක්...

:       0       0

Ariyathilaka Monday, 09 January 2023 08:23 AM

හැරී කුමරු විසින් කර ඇත්තේ එංගලන්ත රජ පවුලේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්; එසේම ගෞරවය ද කෙලෙසීමක්; දෙවන එළිසෙබත් රැජණියගේ යහපැවැත්මට කළ නිගාවක්; හැරී කුමරු ආරක්ෂක හමුදාවේ සේවය කිරීමේදී කළ කී දෑ පිළිබඳව රහස්‍ය භාවය රජ පවුල වෙනුවෙන් ආරක්ෂා නොකිරීම බරපතල වරදක්; මුසල්මානු අන්තවාදී ත්‍රස්තවාදයේ භයානකකම හැරී කුමරු විසින් සුළුකොට තකා ඇත. මුසල්මානු ත්‍රස්තවාදයේ "ලේ වන්දි" ගැනීම නොතැකීම බලවත් ප්‍රතිවිපාක අත්විය හැකි බව අපගේ අදහසයි. රජ පවුලේ ආරක්ෂාව නො තකා "කට මැත දෙඩවීම" රජ පවුලට සහ රාජ්‍ය තාන්ත්‍රික බවට කළ මදි පුංචිකමක් සහ රජ පවුලේ ඉදිරි සාමාජිකයින්ට ජීවිත අවදානකට හෙලීමක්ද කිව යුතුයි. විසිපස් දෙනෙක් මැරුවත් දැන් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 63 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site