IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තලේබාන් නායකයකුට ඇෆ්ගන් රජයේ රැකවරණ ලැබෙනවා

පාකිස්තාන රජය පෙරළන්න පාකිස්තාන තලේබාන් නායකයකු වන ෆසුල්ලාට ඇෆ්ගන් රජයේ සහාය සහ රැකවරණ ලැබෙන බව පාකිස්තාන රජය චෝදනා කරයි. දරුණු සටන්කාමියකු වන ෆසුල්ලා ප‍්‍රමුඛ සටන්කාමීන් පිරිසක් ඇෆ්ගනිස්තානයට පලා ගියේ මීට වසර කිහිපයකට පෙරය. ඒ, පාකිස්තාන හමුදා ස්වාත් නිම්නයේ මෙහෙයුම් සිදු කළ අවස්ථාවේදීය ඇෆ්ගනිස්තානයේ සිටි ෆසුල්ලා සහ ඔහුගේ සටන්කාමීන් මෙහෙයවමින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සිටින පාකිස්තාන හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරයි. මීට සති කීපයකට පෙර පාකිස්තාන හමුදා අවස්ථා කිහිපයකදීම ෆසුල්ලා සහ ඔහුගේ සටන්කාමීන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළේය. එම අවස්ථාවේදී ඇෆ්ලන් රජය චෝදනා කළේ පාකිස්තානය දේශසීමා උල්ලංඝනය කරමින් තම රටට පහර දෙන බවත් එයින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වන බවත්ය. ඇෆ්ගනිස්තානයට පහර දීමෙන් වැළකින ලෙස නේටෝව ද පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ”ෆසුල්ලා සැඟවී සිටින්නේ ඇෆ්ගනිස්තානයේ. ඒ බව ඇෆ්ගන් රජය දන්නවා. ඔහුට රැකවල් දෙන්නේ ඇෆ්ගන් රජය” යැයි අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මාන් මලික් චෝදනා කරයි. ඇමැතිවරයා මෙසේ චෝදනා කළේ පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ෆසුල්ලා ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටින බව දැක්වෙන බුද්ධි අංශ වාර්තා ද ඔහු මාධ්‍යවේදීන්ට පෙන්නුවේය. ෆසුල්ලා අල්ලා ගැනීමට සහාය දෙන්නැයි ඇෆ්ගන් රජයෙන් ඉල්ලා සිටියත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ පාකිස්තානයේ රජය පෙරළන්න ඇෆ්ගන් රජය ෆසුල්ලාට සහාය දෙන බව යැයි ද ඇමැති මලික් වැඩිදුරටත් කියා සිටියේය.  



අදහස් (0)

තලේබාන් නායකයකුට ඇෆ්ගන් රජයේ රැකවරණ ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 0 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 728 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site