IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තලේබාන් ත‍්‍රස්තයන් පරදන්න පුළුවන් සාම කතාවලින් පමණයි

පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ත‍්‍රස්තවාදීන් පරාජය කළ හැක්කේ ඔවුන් සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමෙන් පමණක් යැයි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.

නවාස් ෂරීෆ්, තලේබාන් සංවිධානය සමඟ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයකු බවට ප‍්‍රකටය.

මීට මාස කිහිපයකට පෙර, අගමැති ධුරයට පත් වූ දා සිට ඔහු උත්සහ ගන්නේ වසර 12 ක් තිස්සේ තලේබාන් සටන්කාමීන් සහ රජය අතර පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමටය.

ෂරීෆ් සාම සාකච්ඡුාවලට කැපවන්නේ නම්, තමන් ඊට කැමැති බව තලේබාන් සංවිධානය ද පවසා ඇත. කෙසේ නමුත් සාම සාකච්ඡා ආරම්භ කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත.

ඊට හේතුව වූයේ ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයකු වන වලී යූර් රෙහ්මාන් මෙසූඞ් මීට සති කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වීමය.

ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර අගමැති නවාස් ෂරීෆ්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඒ, එම ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මිය යෑම නිසාය. ඒ ගැන ඇමෙරිකා රජයට තම විරෝධය පෑමට ද අගමැති ෂරීෆ් පියවර ගෙන ඇත. පාකිස්තාන රජය මුහුණ දී සිටින බරපතළ අභියෝගය වන්නේ ත‍්‍රස්තවාදය යැයි ද ෂරීෆ් මාධ්‍ය සාකච්ජාවකදී පැවසීය.

 



අදහස් (0)

තලේබාන් ත‍්‍රස්තයන් පරදන්න පුළුවන් සාම කතාවලින් පමණයි

රවිදු Wednesday, 17 July 2013 07:48 PM

කොන්ද පණ නැති නායකයන්ගේ උදාන පා‍ඨය - සාම කතා.. ත්‍රස්තවාදීන්ගේ සෙල්ලම් බඩුව - සාම කතා.(අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 July 2013 09:32 PM

රනිල් මහත්තය ජනපති උනානම් 2005 ඉදල අපිටත් අහන්න වෙන්නේ ඔය කවි පදේම තමයි තාමත්..ගන්න මහත්තයෝ ලංකාවෙන් ආදර්ශය..ත්‍රස්තවාදීන්ට වුණ්ට තේරෙන භාෂාවකින් උත්තර දෙනකම් මොන කතා වලින්වත් සාමේ එන්නේ නැහැ.(අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site