
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගැනීමත් සමඟ, 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සියලු කටයුතු සියයට 80 කින් ඇණහිට ඇති බවත්, තලේබාන්වරුන්ටත් වඩා බිහිසුණු ලෙස කොරෝනා රැල්ලකට ඇෆ්ගනිස්තානයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් 'යුනිසෙෆ්' සංවිධානය අනතුරු අඟවා තිබේ.
තලේබාන් සාමාජිකයන් කිසිවකු මුහුණු ආවරණ නොපලඳින බවත්, 'කොවිඩ් 19' වයිරසය ගැන ඔවුන් තුළ කිසිදු අවබෝධයක් නොමැති බවත්, 'එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල' හෙවත් 'යුනිසෙෆ්' සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.
ඇෆ්ගන් වැසියන්ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහාය. මෙම වැඩසටහනේ දී එන්නත් බෙදා හැරීම පැවැරී ඇත්තේ 'යුනිසෙෆ්' සංවිධානයටය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 40 කි. මේ වනවිට ඇෆ්ගන් වැසියන්ට ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 1.2 ක් පමණි. මෙම නොවැම්බරයේ කල් ඉකුත්වීමට නියමිත 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් මාත්‍රා මිලියන 2 ක් ඇෆ්ගන් සෞඛ්‍ය අංශ වෙත ලබා දී ඇති බවත්, එම එන්නත් ජනතාවට ලබා දීම කෙරෙහි තලේබාන්වරුන්ගේ අවධානය මෙතෙක් යොමු වී නැතැයි යුනිසෙෆ් සංවිධානය මාධ්‍ය වෙත පවසා ඇත.
ඇෆ්ගනිස්තානයේ එන්නත්කරණ කටයුතු සියල්ල අඩපණ වූ බව පැවැසෙන්නේ පසුගිය 15 වැනිදා සිටය. තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගත්තේ එදිනය. ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ පළාත් 34 න්, 23 ක 15,30,500 දෙනකුට එන්නත් ලබා දී අවසන් කර තිබුණු බව ද යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් කියා සිටී.
ෂරීයා නීතිය ක්‍රියාත්මක වන, ජනතා හිතවාදී ආණ්ඩුවක් පිහිටුවීමට තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.
තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදු කරන බව ද වාර්තා වේ. ඇෆ්ගන් සෞඛ්‍ය සේවකයන් ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට සුපුරුදු පරිදි ඔවුන්ගේ රාජකාරි කරගෙන යෑමට තලේබාන්වරුන් අවසර දී ඇති නමුත් පවතින්නේ අවිනිශ්චිත වාතාවරණයක් බව ඇෆ්ගන් සිවිල් වැසියෝ බිය පළ කරති. තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා එරටින් පිටවී යෑම ආරම්භ කිරීමත් සමඟය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
677
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2342
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන්ට වඩා කොරෝනා බිහිසුණු විය හැකියි