ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග‍්‍රස් පක්ෂයය ප‍්‍රමුඛ රජය පෙරේදා (30) තීරණය කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කරයි.
ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කෙරුණේ පෙරේදා (30) ය. ඒ අනුව, එය ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය වන අතර එහි අගනුවර වනු ඇත්තේ ද හයිද්‍රාබාද් නුවරය.
තෙලගනා පළාතේ වැසියෝ එම පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේ මීට මාස ගණනාවකට පෙර සිටය. එහෙත් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය මේ වනතුරුම ඒ ගැන කිසිදු සැළකිල්ලක් නොදැක් වූ බවට භාරතීය ජනතා පක්ෂය වැඩි දුරටත් කියා සිටී.
කොංග‍්‍රස් පක්ෂය මේ වනවිට දැඩි ලෙස ජනතා අප‍්‍රසාදයට ලක් වී ඇත. ඒ දිනෙන් දින ඉහළ යන රජයේ දූෂණ වංචා හේතුවෙනි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයට අවාසි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තෙලගනා පළාත ප‍්‍රාන්තයක් හැටියට නම් කරන්න කොංග‍්‍රසය තීරණය කළේ ඡන්ද වාසි ගන්නයි