IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තෙරේසා මේට සහය දෙනවාද නැද්ද ඡන්ද විමසීමට බ්‍රිතාන්‍ය මැතිසබේ සූදානම්

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසීමට එක්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සූදානමින් සිටිති. 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දින පහක් මුළුල්ලේ පැවැති විවාදයකින් පසුව මෙම ඡන්ද විමසීම පැවැත්වේ. 

තම ගිවිසුමට සහාය දෙන්න නැතිනම් අවදානමක් ගෙන ඊට සහාය නොදෙමින් බ්‍රිතාන්‍ය ජනතාව අධෛර්යමත් කරන්න යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය. 

එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිනියගේම පක්ෂයේ පිරිසක් විපක්ෂය හා එක්ව ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

බ්‍රිතාන්‍යයේ නීතිපති ජෙෆ්රි කොක්ස් අවසන් දිනයේ විවාදය ආරම්භ කළ අතර අගමැතිනි තෙරේසා මේ මහත්මිය විවාදය අවසන් කිරීමට නියමිතය.

විවාදය ලන්ඩන් වේලාවෙන් පස්වරු 6.30ට විවාදය අවසන් වීමට නියමිත අතර පස්වරු 7ට ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතය. 

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ගිවිසුමට සංශෝධන කිහිපයක් ද එකතුවීමට නියමිත අතර එයින් පසුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. 

බී.බී.සී. ඇසුරිනි

055

 



අදහස් (1)

තෙරේසා මේට සහය දෙනවාද නැද්ද ඡන්ද විමසීමට බ්‍රිතාන්‍ය මැතිසබේ සූදානම්

Dayal Tuesday, 15 January 2019 04:15 PM

තියෙන තත්වේ හැටියට තෙරේසා පරදියි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site