IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තිරිසන් වැඩේට තිරිසන් වැඩක්

රථවාහන වල අධි දීප්ත විදුලි පහන දල්වාගෙන (හයි බීම්) අන් අයට බාධා වන අයුරින් රියපැදවීමේ යෙදෙන්නන්ට අපූරු දඩුවමක් දීමට චීනයේ ෂෙන්සෙන් ප්‍රදේශයේ පොලිසිය කටයුතු කරයි.

විදුලි පහන් එළිය වැදී ඉදිරියෙන් පැමිණෙන රියැදුරන්ගේ ඇස් නිලංකාර වන්නේ කෙසේදැයි ඔවුනට දැනවීමට පොලිසිය කරන්නේ ඔවුන් රථයෙන් පිටතට රථයේ අධි දීප්ත විදුලි පහන් එළියට ඇස් සිටින ඔවුන්ට නියෝග කිරීමයි.

මෙම දඩුවමට අකැමැති අයෙක් වේ නම් ඔහුට විශාල දඩයක් ගෙවීමටත් වාහනය පොලිස් භාරයේ තබා යාමටත් සිදුවේ.

මෙනිසා වරදකර හසුවන්නන් බොහෝ දෙනා දඩුවම භාරගන්නා බවත් එයින් පාඩමක් ඉගෙන ගන්නා බවත් පොලිසිය කියයි.

පොලිසිය තමන්ට විනාඩි 5 කටත් අධික කාලයක් පුරාවට විදුලි පහන දෙස  බලා සිටීමට බල කළේයැයි ඇතැම්හු චෝදනා කරති.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොලිසිය ඇස් වලට හානි වන තරමට දඩුවම බරපතල කිරීමට තමන් කිසිසේත් කටයුතු කර නැතැයි පවසා සිටී.



අදහස් (0)

තිරිසන් වැඩේට තිරිසන් වැඩක්

කුමාරි Friday, 08 August 2014 05:27 AM

පවු වැඩේ උනත් අනුන් ගැන නොසිතන අයට හොඳ පාඩම්.(අ)

:       0       0

රන්ජිත් Friday, 08 August 2014 07:52 AM

බොහොම හොඳ පාඩමක් (නි)

:       0       0

සුසන්ත Friday, 08 August 2014 08:25 AM

මෙහෙටත් ඔය වගේ ක්‍රමයක් ගෙනාවා නම් හොඳයි (නි)

:       0       0

aaa Friday, 08 August 2014 08:58 AM

කැළේ නීතිය තියෙන රටවල් වලට හොද නීතියක්. ගස් බැදිම ගැන මොකද කියන්නේ. (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Friday, 08 August 2014 10:39 AM

අපේ පොලිසියත් රේට ලයිට් නැතුව යන බයිසිකල් වල හුලන් ඇරලා පයින් තල්ලු කරන යන්න කියනවා. නැතිනම් පොඩි මුදලක් අත මිට තිබ්බම ඔක්කොම ඉවරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site