IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිරිසනාත් ලෙන්ගතුකම හඳුනාගනී

වොන්ඩා, කොන්ගෝ රාජ්‍යයේ ජේන් ගූඩොල් නම් චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ගැහැණු චිම්පන්සියෙකි. ඉතා දරුණු රෝග කිහිපයකින් හා වේගයෙන් බර අඩු වීමෙන් මරණාසන්න වී සිටි වොන්ඩා එහි රැගෙන ආවේ 2012 වර්ෂයේ ය.

එහි පැමිණි දා සිට උදෑසන දුන් කිරි වීදුරුව හා හෙදීයන්ගේ කරුණාවන්ත සාත්තු කිරීම් වලින් රෝග සුව කිරීමෙන් අනතුරුව වොන්ඩාගේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් විය.

පසුව වොන්ඩා නැවතත් වනයට මුදා හැරීමට පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරිය වන ජේන් ගූඩොල් කටයුතු කළාය.

ඒ අනුව වොන්ඩා ලී පෙට්ටියක දමා තවත් පිරිසක් සමග ගඟකින් වටවූ කැලයකට රැගෙන ගියේය. ලී පෙටිටයේ දොර ඇරිණි. තරමක චකිතයකින් එළියට පැමිණි වොන්ඩා තමා වටා සිටින අය දෙස බලමින් පෙට්ටිය උඩට නැගීය. අවට සිටි අයගේ පවා දෑස් කඳුලින් තෙත් කරමින් කිසිත් නොහිතා එක්වරම වෛද්‍ය ගූඩොල් වැළඳ ගත්තීය. තමාට කළ උපකාරවලට ස්තූතිය පුද කළා වැනි වැළඳ ගැනීමෙන් අනතුරුව ඉන් මිදී වොන්ඩා ඇගේ අලුත් නවාතැන දෙසට ගියේය.

තමා මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කර වසර 20ක් පමණ වන අතර චිම්පන්සියන් විශාල ප‍්‍රමාණයක් ඉන් සමුගෙන ගොස් ඇති නමුත් මෙතෙක් ලැබුණු කරුණාවන්තම, ආදරණීයම සමු ගැනීම වොන්ඩාගේ සමු ගැනීම බව වෛද්‍ය ගූඩෝල් පැවසීය.

 

 



අදහස් (0)

තිරිසනාත් ලෙන්ගතුකම හඳුනාගනී

මොහාන් Tuesday, 25 February 2014 09:59 PM

මගේ දෑස ට කඳුලක් අවා (අ)

:       0       0

අනිල් පෙරේරා Tuesday, 25 February 2014 11:50 AM

ඇත්තටම විශ්මය ජනක දුර්ලභ අවස්ථාවක්. මෙය මහත් ආදර්ශයක්.(දිල්)

:       0       0

එරන්ද Tuesday, 25 February 2014 12:27 PM

අනේ මිනිස්සුන්ට වැඩ කොච්චර හොදද හිතෙනවා (දිල්)

:       0       0

චන්දන Wednesday, 26 February 2014 06:18 AM

මිනිස්සුන්ට ආදර්ශමත් ක්‍රියාවක් ,අපි මිනිසුන් වුණත් ක්‍රියකරන්නය් සතුන් වගේ නිසා,මිනිසා තරම් නොදියුනු සිවුපාවෙකුගෙන් මෙවැනි පාඩමක් ඉගෙනගැනීම අපි මනුෂ්‍යය සංහතියේ කටත් හොදපාඩමක් (අ)

:       0       0

දිමන්ති Tuesday, 25 February 2014 05:58 PM

ඇත්තටම දුක හිතෙනවා (අ)

:       0       0

චන්දි Tuesday, 25 February 2014 07:22 PM

මිනිසුන් ලග නැති හොද ගතිගුණ සමහර සිව්පාවන් ලග තියෙනවා..!!! මේ ඉන් එකක් පමණයි..,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site