ඇමෙරිකා ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (30) තීරණය කිරීම මඟීන් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත ලොවට හෙළි වූයේ යැයි ඉරාන රජය චෝදනා කරයි. ‘පීපල්ස් මුජහිදීන් ඔෆ් ඉරාන්’ නමැති එම ආයුධ සන්නද්ධ ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ඉරානයේ ද තහනමට ලක් කර ඇත. ඉරානයෙන් පිටුවහල් වී විදේශවල ජීවත් වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන් විසින් පිහිටුවනු ලැබූ එම සංවිධානයේ නායකයන් ඇමෙරිකා රජයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ත‍්‍රස්ත ලැයිස්තුවෙන් එම සංවිධානය ඉවත් කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇත. ඇමෙරිකා රජයේ වගකීම් විරහිත මෙවැනි කි‍්‍රයා අප රජය හෙළා දකින බවත්, අනාගතයේදී ලොව පුරා සිදුවන ත‍්‍රස්තකි‍්‍රයාවල වගකීම අමෙරිකාව බාර ගත යුතු බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම සංවිධානය 1960 දශකයේදී ඉරාන පාලනයට එරෙහිව පිහිටුවා ගනු ලැබූවකි. 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව බලයට පත් පාලකයන්ට එරෙහිව මෙම සංවිධානය අවි අතට ගත්තේය. ත‍්‍රස්ත ලැයිස්තුවෙන් සිය නම ඉවත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානය කියා සිටියේ මේ වන විට තමන් අවි බිම තබා ඇති බවත් වත්මන් ඉරාන පාලනය පෙරළා දැමීමට සාමකාමී දේශපාලන මාවතකට එළඹ ඇති බවත්ය. ඉරාන රජය චෝදනා කර සිටින්නේ එරට වැසියන් දහස් ගණනකගේ මරා දැමීමට මෙම සංවිධානය කටයුතු කර ඇති බවත් ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ කුලී හේවායන් ලෙස ඔවුන් කි‍්‍රයා කර ඇති බවත්ය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතක
සුසන්ත - ඉතාලිය Wednesday, 03 October 2012 01:33 PM
අනාගතයේදී සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා වලට පමණක් නෙමේ අතීතයේ සිදුවූ දේටත් වග කියන්න ඕනේ ඇමරිකාවම තමා.... නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ කියලවනේ. දුප්පත් අපිට ඉතින් බලාගෙන ඉන්න විතරයි පුළුවන්. (ස)