IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ත‍්‍රස්තවාදය පිටුදැකිය යුතුයි: පාකිස්තාන නව අගමැති කියයි

ත‍්‍රස්තවාදය පිටුදැකීමට සැවොම එක්වී කටයුතු කළ යුතු යැයි පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටී.
ත‍්‍රස්තවාදය කිසිසේත් අනුමත නොකරන බව ෂරීෆ් කියා සිටියේ එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් වෙද්දීය.
ෂරීෆ්, තලේබාන් සටන්කාමීන් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත්, ඔවුන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ තරයේ හෙළා දකී.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පවත්වා, ඔවුන් සමඟ සාමකාමී දේශපාලන විසඳුමක් සෙවීමට නවාස් ෂරීෆ් කැමැත්ත පළ කර ඇත. සාම සාකච්ඡුා සඳහා තමන් ද කැමැති බව තලේබාන් සංවිධානය පවසා ඇතැයි පසුගිය දා වාර්තා විය.
පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරමින් තෙවැනි වරටත් අගමැති ධුරයට පත් වූ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක ෂරීෆ්ට අභියෝග රැසක් එල්ල වී ඇති අතර ඉන් ප‍්‍රධාන අභියෝගය වන්නේ තලේබාන් සංවිධානයෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය.
සෙසු අභියෝග වන්නේ කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගැනීම සහ රටේ බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුම් සෙවීමය. රටේ පවතින බලශක්ති අර්බුදයට වසර 3 ක් ඇතුළතදී විසඳුමක් ලබා දීමටත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමටත් ෂරීෆ් ජනතාවට පොරොන්දුවක් දී ඇත.
1998 වසරේ දී පාකිස්තානය න්‍යෂ්ටික රටක් බවට පරිවර්තනය වූයේ ෂරීෆ් අගමැති ධුරය හොබවද්දීය. ෂරීෆ් පළමුවරට අගමැති ධුරයට පත්වූයේ 1990 වසරේදීය. වසර 3 ක් යද්දී ඔහු අගමැති ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, දුෂණ චෝදනා එල්ල වීමෙනි.
ඔහු දෙවැනි වරට අගමැති ධුරයට පත්වුණේ 1997 සිට 1999 තෙක් දක්වා කාලයේය. එය අවසන් වුණේ එවකට හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත‍්‍රණයෙනි. දුෂණ චෝදනා එල්ල කරමින් ෂරීෆ් දිවි ඇති තෙක් සිරගත කිරීමට මුෂාරෆ් උත්සහ කළ ද එය අසාර්ථක විය.
දුෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත.
14 වසරකට පසු, තෙවනි වරටත් අගමැති ධුරයට පත් ව සිටින ෂරීෆ්, ඔහුගේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට පෙරට ගෙන යෑමට අවංකව කැපැවී කටයුතු කරන ලෙසටය.



අදහස් (0)

ත‍්‍රස්තවාදය පිටුදැකිය යුතුයි: පාකිස්තාන නව අගමැති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site