අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ රුදුරු බව කියාපාන තවත් සාධකයක් ලෙස කුඩාදරුවන් පිරිසක් ගිනි අවි භාවිතා කිරීමේ පුහුණුවකට සහභාගී වී සිටිනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලට එක්වී තිබේ.
මෙය අප්‍රසිද්ධ වෙබ් අඩවියකින් සොරාගෙන අන්තර්ජාලයට නිදහස් කර ඇත්තේ අල්කයිඩා විරෝධීන් පිරිසක් බව පැවසේ.වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමා අතරේ පිහිටන උතුරු වසිරිස්තාන ප්‍රදේශය බැව් සොයාගෙන ඇත.උතුරු වසිරිස්තානය යනු අල්කයිඩා සංවිධානයේ පුහුණු කදවුරු පිහිටා තිඛෙන ස්ථාන අතුරින් එකකි.
වීඩියෝවේ කුඩා දරුවන් පිස්තෝල,මෙෂින් තුවක්කු ආදිය භාවිතා කිරීමට පුහුණු වන අයුරු දැක්වේ.මේ දරුවන් අල්කයිඩා සංවිධානයේ මියගිය සාමාජිකයින්ගේ දරුවන් බව පැවැසේ.යුධ අනාථයන් බව පවසා ඔවුන් තම භාරයට ගන්නා අල්කයිඩා සංවිධානය කුඩා දරුවන්ට අවිපුහුණුව ලබා දී ඔවුනවද ගැටුම් වලට හවුල් කර ගැනීමට සැළැසුම් කරන බව පැහැදිලිය.මේ අතර තවත් දරුවන් කොටසක් zzමොළ සේදුමටzz ලක් කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක්ද අල්කයිඩා සංවිධානය කි්‍රයාත්මක කරමින් සිටිනා බව හෙළිව ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති.
පාකිස්තානයට අවශ්‍යව ඇත්තේ නේටෝ හා ඇෆ්ගන් හමුදාවන් ලවා ත්‍රස්තයන් මැඩපැවැත්වීමටයි.නමුත් ඇමරිකාවේ අදහස වන්නේ පාකිස්තාන හමුදාවන් ඒ සදහා මුල් පියවර තැබිය යුතු බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ත්‍රස්තවාදයේ කුරිරු බව පෙනෙන වීඩියෝවක්
සම්පත් Wednesday, 24 April 2013 02:14 PM
ඉරාකෙට ගහන්න යනකොට 2001 දී ඇමෙරිකාවට ගහපු සතුටට ඉරාකේ ගෑනු නැටුවා කියල විදෙස් මාධ්‍ය වල පෙන්නුවා. මේකත් ඒ වගේ තමයි කියලා මට හිතෙනවා (නි)
චන්දන Tuesday, 23 April 2013 05:56 PM
සමහර මුහුණු යුරෝපියන් වගේ නේද? (නි)
චන්ද්‍රසිරි Tuesday, 23 April 2013 05:57 PM
ඉෂාක්, ත්‍රස්තවාදියාට ආගමක් ධර්මයක් නැහැ. (නි)
වෙනුර Tuesday, 23 April 2013 07:54 PM
ඉෂාර්ක්, එතකොට අල් කයිඩා සංවිධානය කියන්නේ මායාවක්ද? (නි)
ෂරීෂ් Tuesday, 23 April 2013 08:48 PM
මම මුස්ලිම් අයකු හැටියට තරයේ හෙළ දකිනවා මෙවන් ක්‍රියාවන්. හේතුව ඉස්ලාම් දර්මයේ කියල නැහැ කිසියම් කෙනෙකුට හිංසාවක් කරන්න. ඔය දේශපාලන පලප්‍රයෝජන සඳහා යැපෙන්නන් තමි මෙවන් දේවලට පෙළබි සිටින්නේ. (අ)
රොෂාන් Wednesday, 24 April 2013 11:57 AM
ඉස්ලාමිය නීති පිළිපදින ඔය වගේ රටක , බාල ළමුන්ව මෙහෙම සහභාගි කරගත්ත එක සැක සහිත දෙයක්. බොස්ටෝන් ප්‍රහාරයෙන් පස්සේ, ඇමරිකාවට ඇෆ්ඝනිස්තාන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට ගත්තු පියවරක් කියලයි මට නම් දැනෙන්නේ (නි)
මධු Tuesday, 23 April 2013 11:38 PM
කියන්නේ එකක්, කරන්නේ වෙන දෙයක්. විශ්වාස කරන්න බැරි ජාතියක් ? (නි)
ඉෂාක් Tuesday, 23 April 2013 03:20 PM
මේකනම් වෙන්න බැහැ. හේතුව ඉස්ලාමය මේකට ඉඩදීලා නැහැ. ෂුවර් එකටම මේක මවාපෑමක්..(ස)
සුගත් Wednesday, 24 April 2013 04:11 AM
ඉෂාක්, ඇත්ත තිත්තයි කියන්නේ ඕකට තමා. (නි)
චන්දා Wednesday, 24 April 2013 05:20 AM
මොනවා නැතත් ළමයිව හොදට අන්දවලා තියෙනවා තොප්පිත් දාලා (නි)
රුවන් Tuesday, 23 April 2013 03:55 PM
ඇත්ත කතා කරන්න ඕනෑ ජාති බේද නැතුව. වෙන්න බැරි නම් මේ ඡායාරූප වල තියෙන්නේ කාටුන්ද එතකොට? (නි)
නාරද Tuesday, 23 April 2013 04:10 PM
අපෙන් අහන්න ත්‍රස්තවාදයේ කුරිරු කම (දී)
ශ්‍යාම් Wednesday, 24 April 2013 07:42 AM
මධූට එතකොට තමන්ගේ ජාතිය විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
ජනක Tuesday, 23 April 2013 05:05 PM
එල්.ටී.ටී.ඊ. එක ළමා සොල්දාදුවෝ බදවා ගත්තා. ඒත් කාටවත් ඒකේ වැරැද්දක් පෙනුනෙ නැහැ. තවමත් එල්.ටී.ටී.ඊ. එකට සුදු හුණූ ගාන අය ඉන්නවා. (නි)