IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ත‍්‍රස්තවාදයට එරෙහිව එකමුතු වෙමු

ත‍්‍රස්තවාදය පිටුදැකීමට එකමුතුවී කටයුතු කළ යුතු යැයි පාකිස්තානයේ සංචාරයක යෙදුණු බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පෙරේදා (30) ඉස්ලාමාබාද් නුවර දී එරට අගමැති නවාස් ෂරීෆ් හමුවෙමින් කීවේය.

බි‍්‍රතාන්‍ය අගමැති පාකිස්තානයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සංචාරයක් අවසන් කිරීමෙනි. අගමැති කැමරන් පාකිස්තානයට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට පාකිස්තාන අගමැති ප‍්‍රමුඛ රජය කටයුතු කළේය.

පාකිස්තාන අගමැති ෂරීෆ් සහ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අතර සාකච්ඡා කෙරුණේ දිනෙන් දින උත්සන්න වන තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙනි. තලේබාන් සටන්කාමීන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට පමණක් නොව, බටහිර රටවලට පවා තර්ජනයක් බව රාජ්‍ය නායක දෙපළ ඒකමතිකව පිළිගත්හ.
අගමැති ෂරීෆ් තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තරයේ හෙළා දකී. නමුත් ඔහු තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ලිහිල් ප‍්‍රතිපත්තියකි. ඔහු උත්සහ ගන්නේ තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමටය. තලේබාන්වරුන් ද සාම සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

අගමැති කැමරන් පාකිස්තානයට පැමිණෙද්දී, පාකිස්තානයේ නගර කිහිපයක බෝම්බ පිපිරීම් හතරක් සිදුවිය.
එයින් 53 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 51 දෙනෙක් තුවාල ලැබූහ. බෝම්බ පුපුරා ගියේ පෙෂවෝර්, මීර් අලී, වානා සහ ක්වෙටා යන නගරවලය.

බි‍්‍රතාන්‍ය අගමැති (වමේ) පාකිස්තාන අගමැති හමුවී

 



අදහස් (0)

ත‍්‍රස්තවාදයට එරෙහිව එකමුතු වෙමු

ශාන සෞදි Tuesday, 02 July 2013 11:15 AM

එසේනම් පළමුව කලයුත්තේ එංගලන්තයේ ජීවත්වන කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ හිතවාදීන් එරටින් පිටුවහල් කිරීමයි බොරුවට ලෝකෙට බන කියල වැඩක් නෑ තමන්ගේ ඔඩොක්කුවේ ත්‍රස්තවාදීන් තියාගෙන මම ඉල්ලන්නේ ලෝකයේ කිසිම රටක් මෙවන් අන්තවාදී රටවලට මොනම අකාරයෙවත් උදුවක් නොකරන ලෙසටයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site